Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා කාලයේ ජනතා ප්‍රශ්න සජිත්ට කියන්න දුරකථන මෙහෙයුමක්

කොරෝනා ව්‍යසනය  හේතුවෙන් ජනතාව  මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු උදෙසා පිළිබඳව අදාල බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහායවීමත් යන අරමුණු ඇතිව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ‘විශේෂ මෙහෙයුම් මැදිරියක්’ ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

මෙම මෙහෙයුම් මැදිරිය අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක 117701300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු  ඉදිරිපත් කළ හැකිය

මෙම කාර්යාලයේ කටයුතු ආරම්භ කරන අවස්ථවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාද එක්ව සිටිනු දක්නට ලැබුණා.

අදාළ වීඩියෝව පහළින්..