පානය කළ කිසිවෙකුට කිසිවිටකින් කොරෝනා රෝගය නොසැදෙන බවත් , කොරෝන රෝගය පවතීනම් වහා සුව වන බවත් පවසමින් මෙරට ප්‍රමුඛ රුපවාහිනී නාලිකාවක ප්‍රවර්ධනය කිරීම සහ නොනිල රාජ්‍ය අනුග්‍රහය සහිතව හදුන්වා දෙනු ලැබූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කාලි පැණිය හෙවත් ‘ ශ්‍රී වීර භද්‍ර කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය’ මේ වන විට ප්‍රතිපල අත් කර දෙමින් තිබෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවසුවා.
එසේ පවසා දින දෙකක් ගතවන විට එහි තවත් ප්‍රතිපලයක් ලැබී තිබෙනවා.
ඒ අනුර කුමාර දිසානායක මහතා පැවසු අයුරින් ධම්මිකගේ පැණිය රස බලා ඇස් දෙකෙන් ටොප් කියූ මෙරට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට කොරෝනා රෝගය අසාදනය වීමේ සිදුවීමයි.
මේ පිලිබඳ මුලින්ම වාර්තා කර තිබෙන්නේ BBC සිංහල සේවයයි.
වාර්තාවන අන්දමට ඇගේ සැමියාටද රෝගය වැළදී තිබෙනවා.
ඒ අනුව ධම්මික බණ්ඩාරගේ පැණිය බිව් මැති ඇමතිවරු මන්ත්‍රීවරු, මෙන්ම සාමාන්‍ය ජනතාවද කොරෝනා අසාදිතයින් වී හමාරයි.
ඒ කෙසේ වුවත් ධම්මික බණ්ඩාර මහතා පවසන්නේ තවමත් සායනික පරීක්ෂාවකින් තම පැණිය ප්‍රතික්ෂේප කර නොමැති බවයි.
එමෙන්ම එය නිෂ්පාදනය,බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා වරකාපොල ප්‍රාදේශීය සභාවේ අනුමැතියක්ද තමාට හිමි බවද ඔහු සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ