Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාරන්තික උපවාසයේදී හොරෙන් කෑමට ලෙමන් පෆ් තියා ටිකිරි මාරි විස්කෝතුවක් ඉල්ලා නෑ – අලි ගැටලුවට, ඉඩම් කොල්ලයට විසඳුම් ඉල්ලු හම්බන්තොට ගොවීන් දෙදෙනෙකුට අසාධ්‍යයි

අලි ගැටලුව, දේශපාලන මැදිහත් වීම් මත සිදුවන ඉඩම් කොල්ලයන් ඇතුලි ගැටළු කිහිපයකට විසදුම් ලබා දීමට රජය ක්‍රියාකිරීමට අපොහොසත් වීමට විරෝධය දක්වමින් සහ අදාල ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් සුරියවැව, වල්සපුගල ප්‍රදේශයේදී ගොවි සංවිධාන 86ක් එක්වී පසුගිය 18 වනදා සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා.

පසුව එය මාරාන්තික උපවාසයක් බවට පත් වුයේ ගොවි මහත්වරුන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීම මතයි.

පස්වන දිනයටත් අද මාරාන්තික උපවාසය පැවති අතර එහිදී උපවාසයේ නිරත ගොවි මහතුන් දෙදෙනෙනකු අසාධ්‍ය තත්වය හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අප වෙත තොරතුරු ඉදිරිපත් කල ප්‍රදේශයේ ගොවි සංගම් නියෝජිතයින් සඳහන් කළේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය සංදර්ශන උපවාස මෙන් නොව මෙම අහිංසක ගොවි මහතුන් සැබවින්ම නොකා නොබී තම ගැටලුවට විසඳුම් ඉල්ලා මාරාන්තික උපවාසයේ යෙදුණු බවයි.

ඔවුන්ට හොරෙන් හොරෙන් කෑමට ලෙමන් පෆ් තියා ටිකිරි මාරි විස්කෝතුවක් නොඉල්ලා, ප්‍රතිපත්ති ගරුක ලෙස තම ගැටලුව වෙනුවෙන් මාරාන්තික උපවාසය සිදු කිරීමට ඔවුන් ඉදිරිපත් වූ බවත් පෙන්වා දුන් ගොවි සංගම් නියෝජිතයෝ ප්‍රදේශය නියෝජනය කරමින්ම ජනපතිකම්, අගමැතිකම් ලබා ගත් කිසිවෙකු තැඹිලි වතුර තියා ඇල්වතුර කෝප්පයක් වත් ලබා දීමට පැත්ත පළාතට නොපැමිණි බවත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම ගැටළු සඳහා ක්‍රමවත් විසදුම් ලබා දීමට මේ වන විටත් රජය සියලු පියවර ගෙන ඇති බවයි.

අදාල රෙගුලාසි ගැසට් කිරීමට මසක් පමණ ගතවනු ඇති බවත්, අනවසර පදිංචි කරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් චමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබුණා.