Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශපාලන පලිගැනීම් ලක්ෂයක් සිදු වෙලා – විපක්ෂ නායක

69 ලක්ෂයක් රැවටුණු තවත් විදියක් විපක්ෂ නායක හම්බන්තොටදී හෙළි කරයි

එදා හම්බන්තොට වරාය විකුණා දමන ලදැයි පවසමින් ජනතාව මුලා කල කණ්ඩායම බලයට පත්වීමෙන් පසු එම ගිවිසුම කිසිදු වරදක් නැති ගිවිසුමක් බව පිළිගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

ප්‍රේමදාස මහතා මේ අදහස් පලකලේ “සත්කාරය” විපක්ෂනායක ජංගම සේවය වැඩසටහන යටතේ වීරවිල දී පැවති ජන හමුවකට එක වෙමින්.

ඔහු සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා මෙවැනි බොරු කතා පතුරමින් 69 ලක්ෂයක ජනතාවක් රවටා ඇති බවයි.

හම්බන්තොට වරායේ අයිතිය රටට ගන්නා බව පැවසු මෙම කණ්ඩායම බලයට පත්වී එම ගිවිසුම පිළිගත් බවත් එතනින් පටන් ගෙන රටේ සියලු දේපල විකුණමින් වෙන්දේසි සුදුවක් සිදුකරමින් සිටින බවත් සඳහන් කළා.

සමගි ජන බලවේගය රජයක් යටතේ රාජ්‍ය දේපල විකුනන්නේ නැහැ – සජිත්ගෙන් සහතිකයක්

ඉදිරියේදී සමගි ජන බලවේග රජයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එලෙස නිර්මාණය කරන සමගි ජනබලවේගය රජය යටතේ රටේ කිසිදු රටේ සම්පත් හා දේපල දශමයක්වත් විකුණා දමන්නේ නැති බවද සඳහන් කළා.

බලයට පත්වූ වහාම වත්මන් රජය ක්‍රියාත්මක කරමින් යන වෙන්දේසි සුදුව ද වහා නතර කර දමන බවද සඳහන් කළා.

එමෙන්ම මේ වන විට දේශපාලන පලිගැනීම් ලක්ෂයක් පමණ සිදුව ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා.

ඒ අදාළ වැඩසටහනේදී තමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් ඉවත් කිරීමට වත්මන් රාජ්‍ය පියවර ගෙන ඇති බව පවසමින් තරුණියක ඉදිරිපත් කළ මැසිවිල්ලකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය රජයක් යටතේ ඒ සඳහා වහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළා.

About The Author