මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම කොමිසමේ පොලිස් ඒකකය වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
එමඟින් කියා ඇත්තේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කිරීම පැවති රජය සමයේ සිදුකළ බරපතළ දේශපාලන පලිගැනීමක් බවයි.
මෙම පැමිණිල්ල ඉදිරි දිනයකදී කැඳවා විමර්ශනය කිරීමට නියමිත බවද සඳහන්ය.
© lanka C news
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි