Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිනේෂ්ගේ තීරණයකට සරත් එරෙහි වූ බව කියමින් මහරගම නොසන්සුන් – 300ක පොලිස් බලඇණියකුත් ගෙන්වලා

මහරගම පමුණුව පදික වෙළඳුන් මේ වනවිට මුහුණදී සිටින අසීරු තත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කරන ලද යෝජනාවක් සම්මතයක් අභිබවා යමින් මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා විසින් කරන ලද මැදිහත් වීමක් සම්බන්ධයෙන් මහරගම පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන්ගෙන් මෙන්ම වෙළඳ ප්‍රජාවගෙන්ද දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ ඔහු කැරලි මර්දන පොලිස් බලකායක් යොදවා මහරගම නගරසභා ඉඩම වසා දමා ඇති බවත් ඔහුගේ විශේෂ ආධාරකරුවෙකු වෙනුවෙන් වරප්‍රසාද ලබා දීමට පොලිසිය තම පුද්ගලික බුදලයක් ලෙස සිතා කටයුතු කරන බවත් පවසමින්.

අම්පාර දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණ ඡන්දය ලබාගෙන මහජන ආරක්ෂක ඇමති වූ පසු තම සාධාරණ ඉල්ලීම් නොතකා කැරළි මර්දන පොලිසිය යෙදවීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධව මෙම විරෝධය දැක්වූහ. 

මීට මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද එක්ව සිටීම විශේෂත්වයක්.

බැසිල් , සරත් එක පිලක සිට සටනේ විමල් , දිනේෂ්, කොඩිකාර අනෙත් පිලේ සිට සටනේ

ආණ්ඩුව පාර්ශවය නියෝජනය කරන කොළඹ දේශපාලන නායකයින් වන්නේ දිනේෂ් ගුණවර්ධන, විමල් විමල් විරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ය.

විශේෂයෙන් ආණ්ඩුවේ මහරගම සංවිධායක දිනේශ ගුණවර්ධන මහතාය. 

නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් කොළඹ නායකයා ලෙස සලකන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතා බවයි අභ්‍යන්තර දේශපාලන තොරතුරු වලට අනුව වාර්තාවන්නේ.

මේ තත්වය මත දිනේෂ් , විමල් , ගම්මන්පිල යන අමාත්‍යවරුන් තුළද දැඩි කලකිරීමක් ඇතිව තිබෙන බවද වාර්තාවනවා.

කෙසේ වෙතත්ළ මේ වන විට මහරගම නගරයේ මතුව ඇති නොසන්සුන් කාරී තත්ත්වයටද හේතු වුයේ මෙම අභ්‍යන්තර බල අරගලය බවයි වාර්තා වන්නේ.

පදික වෙළදුන්ගේ අනවසර ඉදිකිරීම් කොරෝනා අවදානම හේතුවෙන් මේ මොහොතේ ඒවා ඉවත් කිරීම සුදුසු නොවන බවට වූ මතය පවා බැහැර කරමින් වහාම අනවසර වෙළඳසැල් කඩ කාමර ඉවත්කරන්නැයි ඇමති සරත් වීරසේකර මහතා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝගය කර තිබෙනවා.

නමුත්ඒ එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ.

එයට හේතුව වී අත්තේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගෙන ඇති තීරණයි.

කෙසේ වුවත් මේ වන විට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ගිරයට හසු වූ පුවක් ගෙඩියක තත්වයට වැටී අසරණව සිටින බවයි වාර්තාවන්නේ.

එහි අවසාන පරතිපලය ලෙස ඔහු මාරු කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ වනවිට කටයුතු යොදමින් සිටින බවද වාර්තා වනවා.

පසුගිය සමයේ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිස් කොමිසම පවා මේ මොහොතේ පෙර පැවති ආකාරයෙන් සක්‍රීයව නොමැති වීමෙන් පොලිස් නිලධාරින් දේශපාලකයන්ට සිතුනු සිතුනු ආකාරයට මාරු කර දැමීමේ අවදානමක් ද මතුව ඇති බව පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනවා.

The Leader.lk මෙම අර්බුදය වාර්තා කර තිබුණේ මෙලෙසින්..

About The Author