20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය වහා ම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (12දා) සමගි ජන බලවේගයේ විධායක කමිටුව රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ බලය සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා ඇත.
ඒ අනුව, සජිත් ප්‍රේමදාස මහතා ඩයනා ගමගේ මහත්මිය නෙරපා හැරීමේ තීන්දුව ගෙන තිබේ.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අනෙකුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 7 දෙනා පිළිබඳව තීරණයක් ගැනීමේ බලය ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් වෙත පවරා ඇති නිසා, ඒ පිළිබඳ අවසන් තීරණය ඔවුන් විසින් සමගි ජන බලවේගයේ විධායක කමිටුව වෙත දැන්විය යුතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
© මව්බිම
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක