Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නහයට තමයි මං වැඩියෙන් ම ආදරේ…

ශ්රේක් චිත‍්‍රපටියේ ෆියෝනා කුමරියට හඩ දෙන්නී ඇය යි. 50කට ආසන්න චිත‍්‍රපට සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ඇය කැමරන් ඩයස්.

අපි කෙටි ප‍්‍රශ්නවලට යමු.
ඔබේ සැඟවුණු දක්ෂතාව?


මට සෑහෙන්න වෙලාවක් කිසි අමාරුවක් නැති ව පෝලිම්වල හිටගෙන ඉන්න පුළුවන්. කාටවත් හොයා ගන්න බැහැ ඒ කොහොමද කියලා.

යහළුවන් ඔබට කතා කරන්නේ?


කැල් කියලා.

ඔබව ඉස් ඉස්සෙල්ලා ම පිස්සු වට්ටපු නළුවා?


හැරිසන් ෆෝර්ඞ්

අකැමැති ඇඳුමක් අඳින්න සිදු වීම නිසා වැඩියෙන් ම ලැජ්ජාවට පත් වුණු අවස්ථාව?


මට ඉතින් ලැජ්ජ නෑ නේ. ඉතින් ප‍්‍රශ්නයක් නැහැ(සිනා).

වැඩියෙන් ම අඳින ඇඳුම?


හුඟක් කාන්තාවන්ට වගේ මගේ අල්මාරියෙත් මහ ගොඩක් ඇඳුම් පුරවලා තියෙනවා. ඒත් අඳින්න ගත්තම එකක්වත් හරි යන්නේ නෑ. ඒ නිසා ජීන්ස් එක ම තමා අඳින්නේ.

ඔබත් එක්ක කතාවක් පටන් ගන්න පුළුවන් පහසු ම වචනය?


හෙලෝ

වැඩියෙන් ම බය?


සමහර ගැහැනු අයගේ මුහුණේ යන්තම් රැවුල් ගස් වැවිලා තියෙනවා නේ. මං ඒ වගේ අය ළඟට වත් යන්න බයයි.

අකැමැති ම ක‍්‍රීඩාව?


හිම මත ලිස්සා යාම.

වැඩියෙන් ම ඔළුව අවුල් වෙන්නේ?


මොකක් හරි දෙයක් ගැන හරි තීරණයක් නැති වුණා ම.

පිරිමියෙක් එක්ක ගත කරන්න කැමති ම වෙලාව?


ඕන වෙලාවක

උදේ නැගිට්ට ම කරන පළවෙනි වැඬේ?


හොඳ වතුර එකක් බොන එක

තව කෙනෙකු ව විහිළුවට අරන් සතුටු වුණු දවස?


එහෙම එකක් නැහැ. මං හිතනවා ඒ වැඬේ හරි නරක දෙයක් කියලා. හිතන්න අපට කවුරු හරි එහෙම කළා කියලා. අපි කැමති ද? නැහැ නේ…

ඔබේ හිතේ රාගික හැඟීම් ඇති කරවන්න පුළුවන් හොඳ ම සින්දුව?


ඒකට නම් මට ම කියලා සින්දුවක් හදාගන්න වෙයි(සිනා)

ඔබේ හිත දිනා ගන්න ආව පිරිමින්ගෙන් ඔබ අහපු වැඩියෙන් ම පුදුම හිතෙන වචන පෙළ?


එක්කෙනෙක් දවසක් ඇවිත් කිව්වා මං මේ හිර ගෙදර ඉඳලා එන ගමන් ඔයාව බලන්න ආවේ කියලා(සිනා)

සෙනසුරාදා දවසක හැන්දෑ වරුවේ කරන්න කැමති ම වැඩේ?


සැප පහසු පුටුවකට වෙලා, කකුල් දෙකත් උඩ තියාගෙන, මට, මං ගැන ම දැන ගන්න පුළුවන් ප‍්‍රශ්න කිහිපයකට උත්තර හොයන එක.

ඔබ සම්පූර්ණයෙන් ම වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ?


සොබාදහමට

ඔබ දැකපු වඩාත් සුන්දර හීනය?


අම්මෝ… මහ ගොඩක් තියෙනවා. ඒ වුණාට හීන තිබුණට කෝටියක්, අතේ නැහැ එක ඩොලරයක්…

නොකර ඉන්න පුළුවන්කම තියෙද්දීත්, ඔබේ අතින් වෙන්න පුළුවන් වැරැද්ද?


ම්.. දැනටමත් එහෙම එකක් කරලා, අමාරුවේ වැටිලයි ඉන්නේ. මොකක්ද කියලා නම් අහන්න එපා.

ඔබ පිරිමියෙකුගේ ජීවිතයේ වඩාත් ම ගරු කරන ගති ලක්ෂණය?


ගුණවත්කම

ඔබ කවදා හරි ඔබේ ජීවිතය ගැන පසුතැවිලි වෙලා තියෙනවා ද?


අපොයි ඔව්. සාමාන්‍යයෙන් එහෙම දේවල් ම තමයි සිද්ධ වෙන්නේ. ඒ වුණාට පස්සේ කල්පනා කරලා බලද්දී මගේ මෝඩකම් ගැන මට ම හිනා යනවා.

නිළියක් නොවුනා නම්?


එක්කෝ මානව විද්‍යාඥවරියක්, නැත්නම් සත්ත්වවේදිනියක්, එහෙමත් නැත්නම් සමාජ විද්‍යාඥවරියක් වෙයි. කොහොම වුණත් විද්‍යාඥයෙක් නම් වෙනවා ම යි.

විවාහය කියන්නේ?


මැරෙනවා ඊට හොඳයි

රසට ම හදන්න පුළුවන් කෑම වර්ගය?


ම්… බත්, අලිගැටපේර සලාද, කියුබානු ක‍්‍රමයට මස් ඉස්ටු

කටඋත්තර නැති වුණු අවස්ථාවක් මතක් කළොත්?


එහෙම අවස්ථා නම් අනන්තවත් තියෙනවා. ඒත් මං ඒවට කියන්නේ කටඋත්තර නැති වෙනවා කියලා නෙවෙයි, වඩා හොඳින් ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න අවස්ථාවක් ලබා ගන්නවා කියලා

ඔබ ප්ලාස්ටික් සැත්කමක් කර ගන්නවා නම්?


ඒක ස්ථිර සැත්කමක් විදිහට ම කර ගන්නවා.

ආදරය සම්බන්ධයෙන් ඔබ ඉගෙන ගත්ත වැදගත් ම පාඩම?


කවුරු මොනවා කිව්වත් සැබෑ ආදරය කවදාවත් ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ.

ඔබේ ශරීරයේ, ඔබ වඩාත් ම පරිස්සම් කරන ශරීරාංගය?


(සිනා) කිව්වට විශ්වාස කරන එකක් නැහැ, නහයට තමයි මං වැඩියෙන් ම ආදරේ. මොකද ඒක ඕන වෙලාවක කැඩෙන්න පුළුවන් නේ. ඉතින් සෑහෙන්න පරිස්සම් කරනවා.

වැඩියෙන් ම අකැමැති ශරීරාංගය?


ඒකත් නහය ම තමයි. ඒක තුවාල වුණාම හරියට රිදෙනවා (සිනා)

ඔබ තව කෙනෙකුට දුන්නු උතුම් ම තෑග්ග?


ආදරය. ආදරය නැතිව පුද්ගලයෙක් කවදාවත් මනුෂ්‍යයෙක් වෙන්නේ නැහැ.

තව කෙනෙක් වෙනුවෙන් කියපු ලස්සන ම වචන ටික?


මම ඔයාට ගොඩාක් කැමතියි


ශ‍්‍රීනි ලංකා ජයකොඩි