ඓතිහාසික මහනුවර දළදා මාලිගාව අසල විෂ්ණු දේවාලය සහ පැරණි රජ වාසල දක්වා දිය අගලට ඉහලින් ඉදිකර තිබූ පැති බැම්ම ඊයේ රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.
ඒ වන විට මහනුවර ප්‍රදේශයට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවති බවද වාර්තා වනවා.
මෙය වසර සිය ගණනාවක් පැරණි ඉදි කිරීමක් වන අතර මෙහි සංරක්ෂණ කටයුතු වල වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරව පැවතුණා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මීට දින කිහිපයකට පෙර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අදාල වලාකුළු බැම්මට පහතින් පිහිටි ඇළ මාර්ගයේ රොන් මඩ ඉවත් කිරීමක් ද සිදු කර ඇති බවයි.
පැති බැම්ම කඩා වැටීම සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වී ඇති අතර ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි