Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දකුණේ බැලුන්වලට උතුරෙන් චෝදනා.

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කලෙක පටන් සිදු කෙරෙමින් යන බැලූන යැවීම නවත්වන්නැයි දකුණු කොරියානු රජය තම රටෙහි ජනතාවගෙන් ඉල්ලා සිටියි. උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිබඳ ලොව බොහෝ දෙනෙකු තුළ ඇත්තේ අප්‍රසාදයක් බව සැබැවි. එහෙත් කිසිවෙකුත් ඔහුට එරෙහි ව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ. අවම වශයෙන් ලෝක බලවතුන් පවා සාකච්ඡා මාර්ගයෙන් හැර වෙනත් කිසිදු ක්‍රමයකින් එම නායකයාට හෝ රටට බලපෑම් කිරීමටවත්, නිර්දය ලෙස විවේචනය කිරීමටවත් උත්සාහ ගන්නේ නැත.

එහෙත් ජනතාව දිගින් දිගට ම ඔහුගේ හැසිරීම පිළිබඳ නිශ්ශබ්ද ව සිටිතැයි විශ්වාස කළ නොහැකි ය. එරට නීති අප කාටත් වඩා වෙනස් ය. ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ ම නැත. සැබැවින් ම උතුරේ සිදු වන්නේ කුමක්දැයි කිසිවෙකුත් නොදනී. ඒ, ඔවුන්ගේ අභ්‍යන්තර තොරතුරු අතිශයින් රහසිගත ව, වසන් කොට තැබෙන හෙයිනි.

එහෙයින් දකුණු කොරියානු ජනතාව හීලියම් බැලූන සකස් කොට, ඒ මත පණිවුඩ ලියා, එසේත් නැතහොත් පණිවුඩ අමුණා දේශසීමාවලින් අනෙක් පසට යවති. මේ අයුරින් ම ඔවුන් නොයෙකුත් ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පමණක් නොව කුඩා ප්‍රමාණයේ ආයුධ ද තම රට වෙත පා කර එවන බවට උතුරු කොරියානු රජය චෝදනා එල්ල කරයි. මෙය වහාම නවත්වන ලෙසත් දකුණු කොරියානුවන්ගේ සිතෙහි පිරී තිබෙන කුණුකන්දල් දැන ගැනීමේ අවශ්‍යතාවක් තම රජයට නොමැති බවත් කියමින් නායක “කිම් ජොන් අන්”ගේ සොයුරිය වන “කිම් යෝ ජොන්” පසුගිය දිනෙක අනතුරු ඇඟවීමක් නිකුත් කළාය. 

එහෙත් දකුණු රජය පවසන්නේ තම ජනතාව මදක් වුවමනාවට වඩා වැඩි බව තමන් පිළි ගන්නා නමුත්, එසේ පිට වන්නේ ඔවුන්ගේ සිතේ උතුරේ ජනතාව වෙනුවෙන් නැගෙන කඳුළුවල වේදනාව බව ය.

About The Author