ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා.
ඒ කොරෝනා වෛරසය එරටට ඇතුළුවීම පාලනය කිරීම සඳහායි.
ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට මේ වනවිට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටද ජපාන රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
නමුත් ව්‍යාපාරික සංචාරකයින් සඳහා අද සිට ජනවාරි 31 දා දක්වා එම තහනම අදාළ නොවන බව ද සඳහන්.
ජපානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට