ජනාධිපතිවරයා දේශපාලනිකව බබෙක් ලෙස කටයුතු කරමින් සිටින බවත් එම තත්වයෙන් ඔහු බේරා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඔහුට දේශපාලන අත්දැකීම් ලබා ගන්නට ඉඩ දිය යුතු බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසනවා.
එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය සඳහන් කළේ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් ලබාගැනීමට නම් විමල් වීරවංශ මහතා කියූ පරිදි දේශපාලන වගකීම් දැරිය යුතු බවයි.
විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂයක වගකීම් ලබා දී දේශපාලකයන් සමඟ ගනුදෙනු කරන්නට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නට ඇත්තේ ඔහු හමුදා පාලනයක සිටින කෙනෙකු ලෙස හැගීගිය නිසා විය හැකි බව ද ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට