Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් සිරුරු ගැන අගමැතිගේ ප්‍රකාශය සංදර්ශනයක් වෙයි! තීරණේ තනියම ගන්න බෑ , එය තාක්ෂණ කමිටුවේ වැඩක් – ඇමති සුදර්ශනී කියයි

කොවිඩ් වැලදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් අගමැතිවරයාට තනි තීරණ ලබා දිය නොහැකි බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.

ඒ අනුව කොවිඩ් වැලඳී මියයන මුස්ලිම් අයගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ දීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ තාක්ෂණ කමිටුවේ එකඟත්වය මත බව රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කොවිඩ් අසාදනය මියයන මුස්ලිම් අයගේ මෘත දේහ භූමදානය සඳහා ඉඩ දෙන බවට පෙර දිනයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවද ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ කවදාද යන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එයට පිළිතුරු ලබාදෙමින්.

සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු තීරණ ගන්නේ පෞද්ගලිකව නොව තාක්ෂණ කමිටුව මගින් බව කී ඇමැතිවරිය තාක්ෂණ කමිටුවට අදාළ යෝජනාව ඉදිරිපත් කර එහි එකඟතාව මත කටයුතු කිරීමට සිදු වන බවද සදහන් කළා.

භූමදානයට අවසර දෙන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්‍රකාශයක් ලබා දුන් බව මේ අවස්ථාවේදී නැගී සිටි රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවැසුවේය. අගමැතිවරයා එසේ පවසද්දී නැවතත් තාක්ෂණික කමිටුවට මෙම කාරණය ගෙන යන්නේ මන්දැයි විමසුවේය.

අගමැතිවරයාට ඉහළින් තීරණ ගනිමින් මෙයට බාධා කරන්නේ කවුදැයි ප්‍රශ්න කළ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙම කරුණ ජිනීවා වෙතද ගොස් ඇති බවත් එය නොවිය යුත්තක් බවත් සඳහන් කළා.