Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ජනාධිපතිතුමා අනුරාධපුරේ ඥාණා අක්කලට ඕන විදියට රට පාලනය කරන්න ලෑස්ති වෙන්න එපා” – මැඩිල්ලේ හිමි (Video)

කොරෝනා අසාදනය වී මියයන සියලු දෙනාගේ දේහයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය අනුව ආදාහනය කළ යුතු බව පවසමින් අද භික්ෂු කණ්ඩායම් කිහිපයක් කොළඹ දී විරෝධත්වයක නිරත වුණා.

ඔවුන් පෙන්වා දෙනු ලැබුවේ එක රටක් එක් නීතියක් බව පවසමින් බලය ලබාගත් ආණ්ඩුව අද වන විට අන්තවාදීන් සතුටු කරමින් ඔවුන්ගේ මනදොළ සපුරමින් ක්‍රියාකරමින් සිටින බවයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් පළකරමින් සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් රටේ පාලනය පිලිබඳ සිදු කළ ප්‍රකාශයට සියලු දෙනාගේම අවධානය යොමුව තිබෙනවා.

එහිදී උන්වහන්සේ සදහන් කළේ ජනාධිපතිවරයා රට පාලනය කළ යුත්තේ අනුරාධපුරයේ ඥාණා අක්කලට ඕන විදියට නොව ජනවරමට අවශ්‍ය ලෙස බවයි.

එමෙන්ම රට අවශ්‍ය එක නීතියක් බවත් විපක්ෂයද පටු වාසි අපේක්ෂාවෙන් තක්කඩි දේශපාලනයක් නිරතවන බවටත් උන්වහන්සේ චෝදනාවක්ද සිදු කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ මැඩිල්ලේ හිමියන් සදහන් කළේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කැප වූ භික්ෂුන් වහන්සේ පාරට අද දැමීමම මෙම ආණ්ඩුව ෆේල් බව කීමට ප්‍රමාණවත් බවයි.

අදාළ වීඩියෝව පහළින්..