අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව පසුගිය රජය සමයේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඒ 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන්ට මහතාට එරෙහිව ගොනු කර තිබු අධිචෝදනා පත්‍රයක්.
එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි ලෙසට ගොනු කර ඇති බැවින් එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අමාත්‍යවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ද්වේශ සහගත ලෙසට අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාල පෙත්පෙසම මගින් දැනුම් දී තිබුණා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක