Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනයට එරෙහි ප්‍රංශය

National flags of China and France flutter at the Tiananmen Square in Beijing, China, 25 April 2013. French President Francois Hollande arrived in China today for talks that were expected to be dominated by economic cooperation. Hollande was scheduled to meet President Xi Jinping on Thursday afternoon before attending a signing ceremony for several bilateral contracts and issuing a joint statement with Xi, officials said. A political and business delegation of about 100 people travelled with Hollande from Paris, reports said. The French president was also scheduled to meet Premier Li Keqiang on Friday before travelling to Shanghai later in the day, French officials said. Hollande planned to speak at a business forum in Beijing and at Shanghais prestigious Jiaotong University, where he would discuss global challenges for France and China. Analysts expected the two sides to sign further agreements for the sale of Airbus planes and French nuclear power technology to China.

ඔක්තෝබර් 1 වන දින ටිබෙට් සංගමය, ප්‍රංශයේ උයිගර් සංගමය, දකුණු මොන්ගෝලියානුවන්, ෆැලන්ජ් ගොං, හොංකොං විරුද්ධවාදීන් සහ තායිවාන ජාතිකයින් ඇතුළු විවිධ කණ්ඩායම්වලට අයත් 300කට අධික පිරිසක් චීනය මානව හිමිකම් කඩ කිරීමට විරෝධය දැක්වීම සඳහා පැරීසියේ අයිෆල් කුළුණ අසල “ට්‍රොකැඩෙරෝ” චතුරශ්‍රයට රැස් වූහ. සෑම කණ්ඩායමක් ම තම කණ්ඩායම නියෝජනය කරමින් බැනර් සහ ධජ රැගෙන චීනයට එරෙහි ව සටන් පාඨ පවසමින් සිටියහ. මෙම අවස්ථාවට එක්රැස් වූ විවිධ කණ්ඩායම්වල නායකයින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ චීනයට එරෙහි ඔවුන්ගේ අරගලයට සහාය දෙන ලෙසයි. විරෝධතාකරුවෝ හොංකොං නගරයට එරෙහි ව පාඨ ලියන ලද පුවරු රැගෙන ගිය අතර බොහෝ දෙනෙක් “ටිබෙටයට නිදහස” යනුවෙන් මුද්‍රණය කළ වෙස් මුහුණු පැළඳ සිටියහ. මානව වර්ගයාට එරෙහි අපරාධයට එරෙහි ව ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඔවුහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ. පැය තුනකට අධික කාලයක් පැවති මෙම උද්ඝෝෂණය අවසන් වූයේ සියලු ම විරෝධතාකරුවන් රාත්‍රියේ දී ඔවුන්ගේ ජංගම දුරකථනවල පහන් දල්වා “අපි ජය ගනිමු” යනුවෙන් ගායනා කිරීමෙනි. 

චීනය පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සන්ධානය ද මෙම විරෝධතාවට සිය සහාය ලබා දුන්නේය. එම සන්ධානයේ සෙනෙට් සභිකයෙකු හා සම සභාපතිවරයා වන “ඇන්ඩ්‍රේ ගැලෝටින්” පවසන පරිදි, “චීන ජනරජය මානව අයිතිවාසිකම්වලට ගරු නොකොට ක්‍රමක්‍රමයෙන් ජනතාව මර්දනයේ යෙදෙන බව අප අමතක නොකළ යුතුය.”  

පසුගිය මාස කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෆායෙල් ග්ලූක්ස්මන් ද යුරෝපයේ “උයිගර් හිංසනය” පිළිබඳ ප්‍රශ්නය මතු කිරීම සඳහා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කර තිබිණි. එනම්, චීනයේ  ෂින්ජියැන්ග් කලාපයේ ජීවත් වන විශාලතම ජන කණ්ඩායම වන තුර්කි සුළුතර ජනවාර්ගික කණ්ඩායමක් ලෙස හඳුනා ගත හැකි “උයිගර්වරුන්” කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන මැඬලීම යි. ග්ලූක්ස්මන් යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ය. ඔහු ඔක්තෝම්බර් 3 වන දින පැරිසියේ දී උයිගර්වරුන් හට මුහුණ දීමට සිදු ව ඇති ගැටලු හා ඒ හා සම්බන්ධ පාඨ 1000කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කළ නමුත්, නැවත කොවිඩ් 19 වසංගතය ප්‍රංශයේ පැතිරීම හේතුවෙන් මෙය අවලංගු කිරීමට සිදුවිය. ඒ වෙනුවට ඔහු පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කළ අතර දින 5කට අඩු කාලයක දී ඊට අත්සන් 150,000කට වඩා එකතු කර ගැනීමට හැකි විය. ප්‍රංශ මන්ත්‍රීවරුන් 53 දෙනෙකු ද උයිගර් ගැටලුව හා චීනය මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ විරෝධය දැක්වීම වෙනුවෙන් සහයෝගය පළ කර තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි