Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුවන් යානයක් කේරලයට කඩා වැටෙයි.

මඟීන් 190ක් රැගත් “එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්” සේවයට අයත් ගුවන් යානයක් ඊයේ දිනයේ දී දකුණු ඉන්දියාවේ කේරල ප්‍රදේශයට කඩා වැටී තිබේ. අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකුවත් මිය යන්නට ඇති බව ඉන්දියානු ගුවන් සේවය ප්‍රකාශ කර සිටියි. 

“බෝයිං 737” නම් වූ යානය ඩුබායි සිට ඉන්දියාවට ගමන් කරමින් සිටිය දී වැසි තත්ත්වය හේතුවෙන් ධාවන පථයෙන් ඉවතට පැන තිබේ. පසුව එය කැලිකට් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්වීමක් සිදු කර ඇති අතර එහි දී යානය දෙකට කැඩී ගිය බව ගුවන් සේවා නිලධාරීහු පැවසූහ.

මෙම ගුවන් යානය කොරෝනා වෛරස අර්බුදයෙන් අතරමං වූ ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගනිමින් සිටි යානයකි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ ගුවන් අනතුරෙන් තමාට දැඩි සිත් වේදනාවක් ඇති වූ බවයි.

 අනතුරට ලක් වූ ස්ථානය පුරා සිදු කෙරෙන ගලවා ගැනීමේ මෙහෙයුම මේ වන විට අවසන් කර ඇති අතර දිවි ගලවා ගත් අය කැලිකට් සහ මලප්පුරම් රෝහල් වෙත ගෙන ගොස් ඇති බව කේරළ මහ ඇමති පිනරෙයි විජයන් පවසා සිටියි.

අනතුරින් බොහෝ ගණනක් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් 156 දෙනෙකු පමණ බරපතල තත්ත්වයෙන් පසු වන බව බලධාරීහු පවසති.

“එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්” පවසන්නේ සිදු වූ අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනා ම මිය ගොස් ඇති බව යි. 

About The Author