“ගුරු මාරු මණ්ඩලය” විසුරුවා හරින ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව සිදුකරන විරෝධතා ව්‍යාපාරයේ විරෝධතාකරුවන්ට, මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (22) නියෝගයක් නිකුත් කළේය.
කොටුව පොලිසිය සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
විරෝධතාකරුවන්ට මහජන පීඩාවක් සිදු නොවන ආකාරයෙන් උද්ඝෝෂයේ නිරත විය හැකි බවත්, එසේ නොමැතිව කලහකාරී ලෙස, අනීතිකව හැසිරුනහොත් පොලිස් බලතල සහ දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති අනුව ක්‍රියා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
කොටුව දුම්රිය ස්ථානයේ සිට සී. ටී. ඕ. හන්දිය දක්වා ඕල්කට් මාවත, සී. ටී. ඕ. හන්දියේ සිට සෙරමික් හංදිය, එන්. එස්.ඒ. වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ග, යෝර්ක් වීදිය, බැංකු මාවත , බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමෝදර වට වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වාත් වන සියලු මාර්ග අවහිර නොවන ලෙසට ක්‍රියා කරන්නැයිද අධිකරණය මෙම නියෝගයෙන් වැඩිදුරටත් විරෝධතාකරුවන්ට නියම කර ඇත.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි