කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ව හිමිකාරිත්වය සහිතව පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලය ඊයේ (01 වැනිදා) රාත්‍රි තීරණය කර ඇති බව වාර්තා වනවා.
වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා අත්සන් කළ ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පැහැදිළි කර තිබෙනවා.
අසීරුතාවක් ඇතත් රටට අහිතකර ගිවිසුම් වලින් ඉවත් වීමට රජය පියවර ගන්නා බවත් ඒ සඳහා කිසියම් කාලයක් ගතවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තතිබෙනවා.
එසේම බටහිර පර්යන්තය ඉන්දීය හා ජපන් රජයන් නම් කරන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කර පවත්වා ගෙන යාමටත් තීරණය කර ඇත. ඒ වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදීමේ පදනම (BOT / Build Operate and Transfer) ගිවිසුමක් යටතේ යි.
එහිදී ඉන්දියාවට බටහිර ජැටියේ 85% හිමිකාරීත්වයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
කලාපීය භූ දේශපාලන තත්ත්වයන් මෙන්ම ජනතාව තුළ පවතින බලාපොරොත්තුකාරී තත්ත්වයද සැලකිල්ලට ගන්නා අතර වගකිව යුතු රජයක් ලෙස ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කරමින් මෙම තීරණයට එළැඹීම සුදුසු බව ඉන් යෝජනා කර ඇත.
නැගෙනහිර පර්යන්තයේ පළමු අදියර ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන යටතේ නැවේ සිට ගොඩබිම් දක්වා මෙහෙයුම් කරනු ලබන දොඹකර හයක්ද, ගොඩබිම මෙහෙයුම් සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගැන්ට්‍රි දොඹකර 18ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු මුදලින් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත.
නැගෙනහිර බහලු පර්යන්තයේ සාදා නිම කිරීමට ඇති ඉතිරි සිවිල් වැඩ කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් වසර තුනක් ඇතුළත නිම කිරීමටද නියමිතය.
දෙවැනි අදියර යටතේ නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරනු ලබන දොඹකර අටක්ද, ගොඩබිම් මෙහෙයුම් සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගැන්ට්‍රි දොඹකර 32ක්ද මිලදී ගැනීමට නියමිතය.
මේ අතර නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරියට පැවරීමේ නිල කැබිනට් නිවේදනය අද (02 වැනිදා)නිකුත් කරන තුරු වරාය සේවකයින් අරඹා තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කරන බව වරාය සේවක වෘත්ත්තීය සමිති පවසනවා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක