Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාව වේවැල අතට ගනී – ගුටි දෙන්නට පෙර කතා කරයි

පොරොන්දු ප්‍රකාරව කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදී රජය ගෙන යන වැඩපිළිවෙලට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහලේකම් කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2019 මැයි අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

එනම් යහපාලන ආණ්ඩුව සමයේ එක්සත් ජාතික පක්ෂය විසින් පැමිණි එකඟත්වයන් ක්‍රියාත්මක කරන ලෙසයි. එම ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට වත්මන් පාලකයන්ද එකඟ වූ බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කල නිවේදනය හරහා හෙළිවන්නේ.

එහිදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් දැනට පවත්නා අවබෝධය සහ කැපවීම දිගටම පවත්වාගෙන යන ලෙසද ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ද ලංකා රජයට දැනුම් දෙන දෙන ඉන්දියාව, ශ්‍රී ලංකා රජය විසින් අදාළ ගිවිසුම් සහ එකඟතාවන් ආරක්ෂා කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවද පවසනවා.

“නායකත්ව මට්ටමින් ශ්‍රී ලංකාව මෑත අතීතයේ දී මේ සම්බන්ධයෙන් සිය රජයේ කැපවීම කිහිප වතාවක්ම ඉන්දියාවට දැනුම් දී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය විදේශීය ආයෝජකයින් සමග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීරණයක් ගෙන තිබෙන බවත්, සිහිපත් කරන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, එහි සඳහන් එකගතාවයන් සෑම පාර්ශ්වයක්ම අඛණ්ඩව පිළිපැදිය යුතු බව ඉන්දියාවේ අදහස යැයි ද ” සදහන් කර තිබෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාත්මක කරන බවට මේ වන විට ගෙන ඇති තීරණයට ප්‍රතිචාරයක් ලෙස මහකොමසාරිස් කාර්යාලය මෙම නිවේදනය සිදුකර තිබෙනවා.