Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් තත්වය බරපතලයි : ‘ආණ්ඩුව එමලි වගේ ඇත්ත කියන්න ඕනේ’ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

”දැන් ආණ්ඩුව එමලි වාගෙම ඇත්ත කියන්න ඕනේ. ඉතාමත් වගකීමෙන් වැඩ කරන්න ඕනේ.

නැත්නම් කොවිඩ්  ව්‍යසනය මීට වඩා ඉතාමත් දරුණු තත්වයකට යන්න පුලුවන්.” යයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අනතුරු අඟවා සිටියි.

1955 ජූනි 20දා ශ්‍රී ලංකාවේ සිදුවූ ‘වදකහ සුදිය සිද්ධිය’  සිහිපත් කරමින් ඔහු එබව සඳහන් කලේ ඊයේ (13) බියගම පැවති එජාප ක්‍රියාකාරීන්ගේ ජනහමුවක් අමතමිනි.

මහ මැතිවරණයෙන් පසු එජාප නායකයා පළමුවරට ප්‍රසිද්ධියේ ජනහමුවක් ඇමතු පළමු අවස්ථාව මෙයයි.  

එහිදී ඔහු වසංගතයේ  වත්මන් තත්වය මෙසේ පැහැදිලි කළේය.

54

”කොවිඩ් නයින්ටින් අයෙත් අලුත් වටයකින් එනවා ”

”කොවිඩ් 19 පැතිරීම අද මේ රටට විශාල ප්‍රශ්නයක් වෙලා. ලංකාවේ සියලු ප්‍රදේශවල වගේම කොළඹ පළාතට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

අපිට ලැබෙන වාර්තා අනුව ආපහු කොවිඩ් වටයක් එනවා. 

ඇමෙරිකාවේ තියෙනවා, එංගලන්තයේ ලන්ඩන් නුවර වහන්න යනවා. යුරෝපෙ තියෙනවා, ජපානේ තියෙනවා, චීනෙට ඇවිත් තියෙනවා, පාලනය කරපු තැන් වල කොරියාවේ නැවත ඇති වෙලා තියෙනවා. සෝල් නුවර වහනවා. 

සමහර ක්‍රිස්තියානි රටවල නත්තල තහනම් කරලා. එංගලන්තයෙන් කියනවා එන අවුරුද්දේ මුල් කාලයේදී තව වටයක් එයි කියලා.

පාසැල් වහනවා. බාර් වහනවා. අන්තිමට ඒ රටේ පත්තරේ දාලා තිබුණා ඒ රටේ ආණ්ඩුව නත්තල් සීයත් තහනම් කරලා කියලා මේ කොවිඩ් රැල්ල නිසා. 

දැන් ඒ රටවල් ඒ මට්ටමකට ඇවිත් තියෙන්නේ. සමහර රටවල හතර දෙනෙකුට හය දෙනෙකුට වඩා හමුවෙන්න එපා කියලා තියෙනවා. ”

”දැන් අපි මේ ගැන ඇත්ත කතා කරන්න ඕනේ.”

sdas

එසේ කොවිඩ් නයින්ටින් ලෝක තත්වය පැහැදිලි කළ එජාප නායකයා, ශ්‍රී ලංකාවේ තත්වය විග්‍රහ කලේ මෙසේය.

”දැන් අපි මේ ගැන ඇත්ත කතා කරන්න ඕනේ. එක නිලධාරියෙක් කියනවා අපි වහන්න යනවා. තව නිලධාරියෙක් කියනවා අපි අරින්න යනවා කියලා.

මේ රටේ ජනතාවට වෙන්නේ මොකක්ද කියලා කිසිම අදහසක් නැහැ. 

වහන්න තියෙනවා නම් ඒක කියන්න. එතකොට අපිට සූදානම් වෙන්න පුලුවන්. ඇරලා තියෙනවා නම් කියන්න මොන කොන්දේසි අනුවද ඇරලා තියෙන්නේ කියලා. 

විටින් විට වගකීම් රහිත තීරණ අරගෙන මිනිසුගේ විශ්වාසය නැති කරන්න එපා.  

මොකද කොවිඩ් රැල්ල තාම අවසන් වෙලා නැහැ තව කාලයක් මේක තියෙනවා. ඒකට අපි ලැහැස්ති වෙලා ඉන්න ඕනේ.”

”විටින් විට වගකීම් රහිත තීරණ අරගෙන මිනිසුගේ විශ්වාසය නැති කරන්න එපා.  මොකද කොවිඩ් රැල්ල තාම අවසන් වෙලා නැහැ තව කාලයක් මේක තියෙනවා. ඒකට අපි ලැහැස්ති වෙලා ඉන්න ඕනේ.”

 Pfizer”ෆයිසර් ආයතනයෙන් හදපු එන්නත දුන්නම එංගලන්තයේ දෙන්නෙක්ට අමාරු වුණා.” 

කොවිඩ් නයින්ටින් එන්නත සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු පැහැදිලි කරමින් එජාප නායකයා තවදුරටත් මෙසේ පැවසිය.

”දැන් ෆයිසර් ආයතනය සහ ආයතන ගණනාවක මේකට එන්නත හොයලා තියෙනවා. දැන් කරන්නේ ඒවා දැන් අත්හදා බැලීම විතරයි. ෆයිසර් ආයතනයෙන් හදපු එන්නත දුන්නම එංගලන්තයේ දෙන්නෙක්ට අමාරු වුණා. 

දැන් කියනවා එන්නත් කිරීමෙන් පස්සේ පැය බාගයක් එතන ඉන්න කියලා. වැඩිහිටියන්ට කොහොමද මේකෙ ප්‍රතිඵල ලැබෙන්නේ, තරුණයන්ට කොහොමද මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා බලන්න. 

දැන් රුසියාවේත් එන්නත් කරලා බලනවා. තව එන්නත් එන්න තියෙනවා. 
දැන් ඇමෙරිකාවේ මොඩේනා සමාගමත් මේක හදාගෙන යනවා.  

මේක අපේ රටට ඇවිත් මේක වෙළෙඳපොළට ආවත් මේක අවසන් වෙන්නේ නැහැ.  

තව අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙයි අපිට කියන්න පුලුවන් මේක‍ සාර්ථකද නැද්ද කියලා. මේකෙන් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්නත් පුලුවන්.

 නමුත් දැන් ලෝකේ බිලියන ගණනකට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද්වලත් මේකට එන්නත හදනවා. මේකේ ටෙස් කිරීම කරන්නේ සමාගම ඇතුලේ. 

නමුත් අපි මේක බලන්න ඕනේ දේශගුණයේ වෙනසත් එක්කයි. 

චීනෙත් ආරම්භකරලා එන්නත් කරගෙන යනවා. 

දැන් තියෙන ප්‍රශ්නය කොහොමද මේ එන්නත් ආරක්ෂා කරන්නේ කියන එකයි. 

ෆයිසර් ආයතනයෙන් නිෂ්පාදනය කරන එන්නත ආරක්ෂා කරන්න වෙනම ශීතකරණ තියෙනවා. ඒ එක ශීතකරණයකට එක සැරයකට බෙහෙත් එන්නත් දාහක් දාන්න පුලුවන්. 

ශීතකරණයේ මිළ පවුම් 5000 යි. පරණ කාර් එකක් ගන්න පුළුවන්. ඇයි බලන්නේ මෙහෙම නැතුව අලුත් එකක් අරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනෑ.

සහතික කරපු එන්නත් පමණයි දැනට ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද සහතික කරපු ඒවත් අපි දන්නේ නැහැ ඒකෙන්ම තවත් ලෙඩ වෙයිද හොඳ වෙයිද කියලා. අපි බලමු කියලා තමයි කියන්නේ. 

”සහතික කරපු එන්නත් පමණයි දැනට ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද සහතික කරපු ඒවත් අපි දන්නේ නැහැ ඒකෙන්ම තවත් ලෙඩ වෙයිද හොඳ වෙයිද කියලා. අපි බලමු කියලා තමයි කියන්නේ. ”

මේකෙන් බලන්නේ එන අවුරුද්දේ එන්න තියෙන කොවිඩ් රැල්ලට මේක සාර්ථක වෙයිද නැද්ද කියලා. අපිටත් එහෙම බලන්න තියෙන්නේ. අපි මේකට අරගන්න ඕනේ සහතික කරපු ඒවා පමණයි. 

ඒ රටවල්වල විතරක් නෙවෙයි ලංකාවෙත් මේ එන්නත ගැන පරීක්ෂණ කරනවා. ඉන්දියාවේත් දේශීය ඖෂධ යොදාගෙන පරීක්ෂණ කරනවා. නමුත් තාම දේශීය ඖෂධයක් ලැබිලා නැහැ. බටහිර එකක් කරගෙන යනවා හයිද්‍රාබාද් නගරයේ.” 

දවාල රෑ වුණු එ දවස 1955 ජූනි 20දා : වදකහ සුදිය සිද්ධිය මතක ද ?

Dinamina 1955

”අද ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු ඖෂධ ගන්නවා, පැණි ගන්නවා, මේවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ” යයි පැවසු එජාප නායකයා, 1955 දී සිදුවූ ‘වදකහ සුදිය’ සිද්ධිය විග්‍රහකර සිටියේ මෙසේය.

”සුනිල්ලට එහෙම මතක ඇති නේද වදකහ සුදිය. 1955 සූර්යග්‍රහණයක් ආවා. ඒ සූර්ග්‍රහණය නිසා මිනිත්තු හතක් විතර කරුවල වෙනවා කියලා කිව්වා.

පස්සේ පත්තරවල දැම්මා දැන් මේක එනකොට ගන්න අලුත් බෙහෙතක් තියෙනවා කියලා. 

කරුවල වුන ගමන්ම මේ වදකහ සුදිය ගත්තොත් තරුණ වෙනවා, සුදුපාට වෙනවා කියලා. අන්තිමට කාන්තාවන් මේක ගත්තා.

හැබැයි පිරිමින් හොරෙන් තමයි මේක ගත්තේ. 

සූර්යග්‍රහණය එනකොට මිනිත්තු 7 ක් විතර කරුවල වුනා. වදකහ සුදිය අරගත්තා. අන්තිමට හැන්දෑ වෙනකොට‍ මිනිස්සු වමනය දාන්නයි බඩ යන්නයි පටන් ගත්තා. ඉස්පිරිතාලවල මිනිස්සු පිරිලා. 

අන්තිමට වමනය දාන ඒවා බඩයන ඒවා අයින් කරන්න වෙනම කට්ටිය දාන්න වුනා එදා හිටපු අගමැතිතුමාට.  

තව එක දෙයක් කියන්න ඕනේ එවකට හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා වදකහ සුදිය ගත්තේ නැහැ. එයා ඒක කරපු පුද්ගලයාට විරුද්ධව නඩු දැම්මා. නමුත් ඒ පුද්ගලයා බේරුනා. මොකද ඔහු කිව්වා මම කිව්වේ තේ හැන්දක් ගන්න කියලා විතරයි බීපු අය කියනවා කෝප්පයක් ගත්තා කියලා.

 ඕකෙන් පස්සේ තමයි ජිප්සීස්ලා, සමන් සිල්වලා ඔක්කොමල්ලා සින්දු හදලා එමලිට කිව්වේ ඇත්ත කියන්න කියලා.

නමුත් දැන් ලංකාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්වයක් එමලි නෙවෙයි දැන් රජය ඇත්ත කියන්න ඕනේ දැන් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. නැත්නම් අපිට හරි ප්‍රශ්න ඇතිවෙනවා.

”ඕකෙන් පස්සේ තමයි ජිප්සීස්ලා, සමන් සිල්වලා ඔක්කොමල්ලා සින්දු හදලා එමලිට කිව්වේ ඇත්ත කියන්න කියලා. නමුත් දැන් ලංකාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්වයක් එමලි නෙවෙයි දැන් රජය ඇත්ත කියන්න ඕනේ.”

”අපේ ආණ්ඩුව මොනවත් කරන්නේ නැහැ”

කොවිඩ් නයින්ටින් හමුවේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය එජාප නායකයා මෙසේ පැහැදිලි කළේය. 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවකි 

”අනික නොදන්නා දෙයක් ප්‍රසිද්ධියේ මැති ඇමතිවරු එහෙම ගන්න එක වැරදියි. මේක විහිලුවක් බවට පත්වෙලා. අඩුමගානේ අපි ගන්න ඕනේ ලංකාවේ ඖෂධ පාලන අධිකාරියෙන් අනුමත කරලා තියෙන එකක් විතරයි. 

අපිට මේ ගැන පරීක්ෂණ පවත්වන්න ලාංකිකයන් ලංකාවේ ඉන්නවා අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානයෙන් දැනට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග එකතුවෙලා පරීක්ෂණ කරනවා. 

අපේ ආණ්ඩුව මොනවත් කරන්නේ නැහැ. 

බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඒකට ආධාර දීල තියෙනවා. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඒ සඳහා දෙතුන් පාරක්ම ගිහින් තියෙනවා. ඒ ගැන ඔහු මා මුණගැහුන වෙලේ කිව්වා එතනට ගියා කියලා. අන්න එහෙම තත්වයක් තියෙන්නේ. 

අපේ කවුද ගියේ. ඇමතිතුමිය ගියාද, වෙන කවුරුවත් ගියාද. ඒත් එන්ජින් ඔයිල් නම් බිව්වා. 

මේ සඳහා වැඩියෙන්ම එකතුවෙලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් එක. 

එහි පරීක්ෂණයේ ප්‍රධානියාගේ දෙමාපියන් ලංකාවේ මා එක්ක එකට ඉගෙන ගත්තේ ඔහුගේ මව. පියා තමයි රංජන් රාමසාමි අපි එක්ක එකට සාමාන්‍යපෙල විභාගය කළා. 

ලංකාවේ ප්‍රථම වතාවට හැම විෂයකටම විශිෂ්ඨ සම්මාන ලබා ගත්තේ ඔහුයි. 

කොළඹ විශ්වවිද්‍යාලයේ මව හිටියේ දැන් ඇය ජීවතුන් අතර නැහැ. එතුමියගේ සහෝදිරියන් මම හුඟක් අය දන්නවා. අන්න ඒ අය තමයි මේ වැඩේ කරන්නේ. 

 ලංකාවේ ආණ්ඩුවෙන් අඩුම ගානේ ටෙලිෆෝන් කෝල් එකක් දාලා ඇහුවද ? මේ ගැන. 

අපේ තානාපති කාර්යාලයෙන් ඇහුවද? 

ඒ විදිහට වැඩ කළ යුතු අවස්ථාවක, ලෝකෙම දරුණු තත්වයකට මුහුණ දීලා ඉන්න වෙලාවක එන්ජින් ඔයිල් බීලා මේක හොඳ වෙනවයි කියලා හිතාගෙන ඉන්නේ. 

මේ විදිහට මේකට විසඳුම් හොයන්න පුලුවන්ද? ඇමෙරිකාවේ දවසට 3000 ක් මැරෙනවා. එංගලන්තයේ වැඩි වෙනවා. සමහරු කියන්නේ පාසැල් විවෘත කරපු නිසා වැඩි වෙනවා කියලා. 

දැන් ආණ්ඩුව එමලි වාගෙම ඇත්ත කියන්න ඕනේ. ඉතාමත් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. නැත්නම් මේ ව්‍යසනය මීට වඩා ඉතාමත් දරුණු තත්වයකට යන්න පුලුවන්.”

bnvbn
xxzcvxz
vcbv

බිව්ව නේද වදකහ සුදිය…

 දවාලේ දි රෑවුන ඒ දවසේ…..
අපෙ එමලි ගියා පිලිකන්නට විගසේ..
කළුවට සිටි එමලී පැනගෙන දුව ආපී
දෙයියො තමයි දන්නෙ සිද්දිය..
දෙයියො තමයි දන්නෙ සිද්දිය..
අනේ…. දෙයියො තමයි දන්නෙ සිද්දිය..
අපේ.. කළුවට සිටි එමලී
පැනගෙන දුව ආපී
දෙයියො තමයි දන්නෙ සිද්දිය
බිව්ව නේද වදකහ සුදිය
සුදිය… සුදිය…
එමලි. බිව්ව නේද වදකහ සුදිය
සුදිය… සුදිය…
අනේ මගේ එමලි පනේ
කියන්නකෝ ඇත්ත අනේ
බිව්ව නේද වදකහ සුදිය
සු…….දි………ය..

ගායනය – ජිප්සීස් /සමන් ද සිල්වා
මුල්ම ගායනය – වොලී බැස්ටියන්

© the leader.lk

About The Author