Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් අසාදිත රෝගීන් දින 10 කට පසු PCR නැතුවම ගෙදර යවයි

කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් රෝහල් ගත ව ප්‍රතිකාර ලබන රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් දින 10ක් ගත වීමෙන් අනතුරුව නිවෙස් වලට එවීමට පසුගිය සතියේ රජය තීරණය කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා සදහන් කළා.

ඒ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

කොරෝනා වෛරසය අසාදනය වී තිබුණ ද රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන ආසාදිතයන් දින 10 ත් 14 ත් අතර කාලය තුල නැවත ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට හැකි බවත් ඔවුන්ට රෝගය වෙනත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය කරවිය නොහැකි බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ලෝකයේ මේ දක්වා සිදුකල අධ්‍යයන වල දැනුමත් ඇප රට තුල ඇති දැනුමත් යොදා ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එලෙස නිවෙස් වලට යවන අසාදිතයන්ට PCR පරීක්ෂණ සිදු නොකිරීමට තීරණය කර ඇති බව ද සුදත් සමරවීර මහතා සදහන් කළා.

අදාල වීඩියෝව පහතින්…

About The Author