Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා හමුවේ ලංකාව කොතන ද? කළයුතු දේ සැවොම එක් වී කරමු , ආණ්ඩුව ඇත්ත රටට කියන්න – රනිල්ගෙන් මසුරං කතාවක්

කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සහ එන්නත් මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සාමාන්‍ය පුරවැසියන් රැසක් නොදන්නා කරුණු පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ “කොරෝනා අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය මුහුණ දෙන සමාජ දේශපාලනික සහ සෞඛ්‍ය අභියෝග” යන මැයෙන් පැවති දේශනයකට එක් වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මෙන්ම ඒ සම්බන්ධයෙන් රටවල් අනුගමනය කළා යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට කොරෝනා අභියෝගයට මුහුණ දීමේදී මගහැර ඇති ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳව ද වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු හෙළි කර තිබෙනවා.

ඔහු පෙන්වා දී අත්තේ මේ මොහොතේ ආණ්ඩු පෙරළීමට වඩා රටේ ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනා එක වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

සංස්කරණ කරන ලද සම්පුර්ණ කතාව පහළින්..

About The Author