Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැති ඇමති කතා හැන්සාඩ් එකෙන් හලලා.. බර අඩු කරන්න කරපු වැඩක් බව කියලා – මන්ත්‍රී යදාමිණි පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ කතාවල කොටස් බොහොමයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර ඇති බව හෙළිව ඇති බව පවසමින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශය විසින් හිතා මතාම මෙම කොටස් ඉවත් කර ඇති බවයි.

ඊට හේතුව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මුද්‍රිත ප්‍රකාශනයෙහි බර වැඩි වන බැවින් අදාල කතා වලින් කොටස් ඉවත් කළ බවයි, යදාමිණි ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ කතානායකවරයාට, මුලාසනයට හෝ යම්කිසි පුද්ගලික අපහාසයන් ඇතුළත් ප්‍රකාශයන් මිස අනෙක් කරුණු ඉවත් කිරීම වැරදි ක්‍රියාවක් බවයි.

වසර 90ක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිදු කළ හැන්සාඩ් ක්‍රියාවලිය මේ හරහා අභියෝගයට ලක්ව ඇති බවද ඔහු සදහන් කළා.

ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්.