Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා මරණ 90 ගණනක් ද? පාරේ මිනිස්සු මැරී වැටෙනවා, නිරෝධායනය අවසන්ව නිවෙස් වලට පැමිණි පසු මිය යාම ගැටළුවක්.

කොරෝනා හේතුවෙන් නිරෝධායනයට ලක් කර නැවත නිවෙස් වෙත පැමිණි පිරිස් නිවෙස් තුළ දී මියයාම බරපතල තත්වයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පවසන්නේ එය පොලිස් භාරයේ සිටින සැකකරුවෙකු මිය යාමක් වැනි සිදු වීමක් බවයි.

කොරෝනා මරණ 90ක් ද?

මේ අතර කොරෝනා හේතුවෙන් මරණ 90 ගණනක් සිදුව තිබේ දැයි රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී විමසන ආකාරයක්ද අද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් රජයේ නිල සංඛ්‍යා දත්ත වාර්තාවන්ට අනුව මේ දක්වා කොරෝනා අසාදනයේ බලපෑමෙන් මිය ගිය සංඛ්‍යාව 53 ක් පමණයි.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන ආකාරයට සෘජුවම කොරෝනා හේතුවෙන්ම පමණක් මිය ගොස් තිබෙන්නේ මෙරට පුද්ගලයින් 5 දෙනෙකු පමණයි.

මහමග රෝගීන් මැරී වැටෙනවා !!

මේ අතර මහා මග දී පුද්ගලයින් කොරෝනා අසාදනය වීම හේතුවෙන් හිටි හැටියේ මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අද සදහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ එලෙස කොරෝනා අසාදනය වී මහමග මිය ගොස් සිටියේ එක් පුද්ගලයෙකු පමණක් බවයි.

ඔහු යාචකයෙකු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.

කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ දිවයිනේ ස්ථාන කිහිපයකින් මහමග සිදුවූ කොරෝනා මරණ වාර්තා වී ඇති බවයි.

About The Author