Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියා අමතයි – රාජකීය වෛද්‍යවරයා ගැනත් හෙළිදරව්වක්

සිර ගෙදර සිටිය යුතු පුද්ගලයන් රජ ගෙදර යැවීම සම්බන්ධයෙන් නඩුවලට පෙනී සිටි අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවත් මේ කාරණාව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් රටට හෙළි කල බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

එමෙන්ම ඔහු චෝදනා කරන්නේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ ගීත ගායනා කරමින් සිටි ඉමේෂ් රංගන නැමති පුද්ගලයෙකු එලියන්ත වයිට් නමින් රාජකීය වෛද්‍යවරයෙකු ලෙස හදුන්වා දෙමින් ආණ්ඩුව මුදල් වංචාවක් සිදු කරන බවයි.

මීට අමතරව සුදුසුකම් ලද වෛද්‍යවරුන් සිටියදී එලියන්ත වයිට් විසින් සකස් කර දුන් මුට්ටි අත ඇරීමෙන් පසු මෙරට කොරෝනා මරණ සහ ආසාදිතයන් ප්‍රමාණයද ඉහල ගිය බවද රන්ජන් රාමනායක මහතා චෝදනා කරනවා.

පාර්ලිමේන්තුවේ පවතී කොරෝනා සම්බන්ධ විවාදයට එක් වෙමින් අදහස් පලකල මන්ත්‍රීවරයා පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය චීන ජාතික කාන්තාවක් සිප ගැනීමේ සිදු වීම වෙළද දැන්වීමක් බවද සදහන් කළා.

අවස්ථා කිහිපයකදීම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ”ලොක්කා ලොක්කා” කියා කතානායකවරයා ඇමතු අතර එක අවස්ථාවකදී ඔහු ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින අයුරුද දක්නට ලැබුණා.

අදාළ වීඩියෝව පහළින්..