කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව ඇමති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එසේ වුවද එම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් කී ඔහු එම අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද සඳහන් කළේය.
භූගත ජලයට එම විෂ මිශ්‍ර නොවන ප්‍රදේශවල ඒ සඳහා අවසර ලැබෙන බවද ඔහු සඳහන් කරයි.
සිංහල බෞද්ධ අයෙකුට වුවද කොරෝනා දේහයක් භූමදානය කිරීමට අවස්ථාවක් ඉල්ලුව හොත් සලකා බැලිය හැකි බවත් දැනට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.
නමුත් මෙම අදහස සම්බන්ධයෙන් විරෝධය පල කරන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ හරහා අනවශ්‍ය ජාතිවාදී සහ ආගම්වාදී අදහස් සමාජය තුල නිර්මාණය වනු ඇති බවට අනතුරු ඇගවීමක් ද සිදු කළා.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම තෙරණයේ බරපතල බව පෙන්වා දෙන්නේ මල සිරුරු වල ඇති විශ බීජ ජාල මුලාශ්‍ර වලට එක වීමේ අවධානම පැහැදිලි කරමින්.
අදාල වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි