Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාප නායකකම කරූ ට දෙන්න වයස ප්‍රශ්නයක් කරගන්න එපා – නවීන් දිසානායක කියයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිටපු කතානායක කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසනවා.

බිමටම සමතලා වී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ නැගීමත් පක්ෂය දුර්වල වීමට බලපෑ හේතු කාරණාත් මනාව අවබෝධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කලයුතු බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මේ කරුණු හෙළි කළේ නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකදී ය. එහිදී වැඩි දුරටත් මෙසේ පැවසුවා.

උපුටා ගැනීම..

”එක්සත් ජාතික පක්ෂය බෙදිම නිසා විපක්ෂය ඉතාමත් දුර්වලයි. අසන 89 විතර ගන්න තිබු අවස්තාව නැති වුණා එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් ගිය නිසා එක්සත් ජාතික පක්ෂය සමතලා වෙන තත්ත්වයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කරන්න අවශයයි. එක් කරන්න ඕනි කොහොමද කියන්න මම කෘත්‍යාධිකාරි මණඩලයට අදහස් පල කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට පස්සේ පක්ෂ නායකත්වය දරන්න ඕනි කරු ජයසුරිය මහතා කියලා හැමෝම කිව්වා. එතකොට වයස ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කලා. මම එතකොට කිව්වා වත්මන් ඇමරිකානු ජනාධිපතිවරායාගේ නම. එතුමා අද ජනාධිපති වෙලා. ඇමරිකානුවන්ට ඔහුගේ වයස ප්‍රශ්නයක් නැ. මගේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් තොර දේශපාලනයක් නැ. සමගි ජනබලවේගය සමග එකතු වෙනවා නම් ඒක වෙන්න ඕනි පක්ෂයක් හැටියට තින්දු තිරණ ගන්නවා නම් පමණි. මට දුරකථනයෙන් ඉල්ලුවා නම් මටත් ඇතුලට යන්න අවස්තාව තිබුණා. කවුරුත් හිතුවේ නැ අපිට එක මන්ත්‍රි ධුරයක්වත් ගන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක්. මම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනැම කැප කිරිමක් කරනවා…”

නවීන් දිසානායක මහතා පසුගිය සතියේ අරුණ පුවත් පත සමග සංවාදයකට එක වෙමින් සදහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුස්සා තමන් බවත් කෙසේ හෝ එය තමන් සතු කර ගනිමින් පක්ෂය නැවත ගොඩ නැගීමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම පසුගිය මහ මැතිවරණයේ අවසන් දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට නියම සුදුස්සා තමන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම තමන් වෙත ලබා දීමට පියවර ගතයුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සුදුස්සා කරූ ජයසූරිය මහතා බව පෙන්වාදෙන නවීන් දිසානායක මහතා කරූ ජයසූරිය මහතාගේ දියණියගේ සැමියායි.එනම් කරූ ජයසූරිය මහතාගේ බෑණා යි.