Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොප් කමිටුව රාජ්‍ය ආයතන 05ක් විගණනයට සුදානම්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. 

එලෙස කැඳවා ඇති ආයතන අතරට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද ඇතුලත්. 

කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනවාරි මස  06, 08, 19, 21 සහ 22 යන දිනයන්හිදී රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවැසුවා.  

මේ අනුව ජනවාරි 06 දින  ස්වාධීන රූපවාහිනී සේවයේ  නිලධාරීන් කෝප් කමිටුව හමුවට  කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

එසේම ජනවාරි 08 දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ ආයෝජන කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 19 දින ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්,  ජනවාරි 21 දින පොල් සංවර්ධන අධිකාරිය පිළිබඳවත්, ජනවාරි 22 දින විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත් ‍කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

About The Author