කුරුණෑගල නගර මධ්‍යයේ ඇති පෞරාණික රජපිහිල්ල උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විනාශ කර ඇතැයි චෝදනා එල්ල වෙයි.
මේ වන විට එම උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා ඇති බව නිරීක්ෂණය කළ හැක.
එම උද්‍යානය අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පෞද්ගලික ආයතනයකට උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීමට බාර දී ඇත.
එහි ගස් 28ක් ඉවත් කිරීමට සලකුණු සලකුණු කර තිබුණත් දැනටමත් ගස් 32ට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර තිබේ.
එමෙන්ම උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා ඇත.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවා මේ ගැන කරුණු පැහැදිලි කරන බවයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්