ජමිතු උලමා සංවිධානය කාති උසාවි තමන්ගේ අතට ගැනීමට උත්සහ කරමින් සිටින බවත් එය අන්තවාදී සංවිධානයක් බවත් මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලේ සභාපති මෙහොමඩ් ෆියාස් පකිර්ඩීන් මහතා බදුල්ලේ දී ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ පකීර්ඩින් මහතා “පසුගියදා ඇතිවූ අන්තවාදී ප්‍රහාරවලින් පසු මේ කාතිවරු 65 දෙනාත් අන්තවාදීන් බව මම කියනවා. 1951 දී විශ්වාසයෙන් දීපු පනතක් තියෙනවා. මේ අය මේක නැති කරගන්න කැමති නැහැ. මේක මුළු සමාජයටම වක්‍රාකාරයෙන් බලපානවා. ඒ නිසා අපි කියන්නේ කාති උසාවි මේ සමාජයෙන්ම අයින් කරන්න කියලා.
අපි ජමිතු උලමා සංවිධානයටත් කිව්වා. ඔවුන්ගෙන් කිසිම උත්තරයක් නැහැ.
ඒ අය කාති උසාවි එයාලගේ අතට ගන්න හදනවා.
ෂරියා නීතියට අත්සන් කළාම රුපියල් ලක්ෂ දහය, දොළහ බැංකුවකින් දෙනවා. ඊට පස්සේ බැංකුව කරන්නේ වැරැදි දේවල්. මේවා ගැන කතා කරන්න කවුරුවත් නැහැ.
ෆේරියල් අස්රොෆ් කාතිවරු 65දෙනෙක් ගෙනාවා. මෙතැන 65යි. දැන් 130 ක් වෙලා. පළාතකට 15ක් විතර වෙනවා” යනුවෙන් ද පැවසීය.
© ඒ.එම්. කටුබුල්ල , ඇල්ල – අරුණ
අත නොහැර කියවන තැන
රිලව් චීනයට යවන්නේ ඇයි?
ඉන්ධන කෝටාව ගැන අලුත්ම තීරණයක්
අද කාළගුණ අනාවැකිය