Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජරමර මැද තෙල් මිලත් වැඩි කරන්න යෝජනා කළ ගම්මන්පිලට ජනපතිගේ විරෝධය

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ ඊයේ (25 වැනිදා) රාත්‍රියේ පැවත්වා තිබුණා.

යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල ඉහළ දමා ජනතාව අසීරුතාවට පත් කළ නොහැකි බවයි. හැකි නම් ඉන්ධන සඳහා අය කරන රජයේ බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

එහිදී උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බවයි. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිලෙහි සිදුවන වෙනස් කම් වලට අනුව මෙරට මිල වෙනස් වීම තීරණය කිරීම සඳහා පසුගිය රජය සමයේ සකස් කරන ලද ඉන්ධන මිල සුත්‍රය ද වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අත්හිටුවනු ලැබුවා.

© මුලාශ්‍රය – අරුණ