Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාගෙද මේ සොහොන්?

1.වර්ජිනා – ග්‍රීසිය

පුරාණ මැසිඩෝනියාවේ අගනුවර වුණු අයිජියා ප්‍රදේශයෙන් හමු වෙලා තියෙන මේ සොහොන කාගෙද කියන එක ගැන හුඟක් විවාද තියෙනවා. සමහරු කියනවා ඒක මහා ඇලෙක්සැන්ඩර්ගේ තාත්තාගේ කියලා. සමහරු කියනවා එයාගේ කුඩම්මා ඔලිම්පියා, පොඩි කාලෙ දී ම වස පොවලා අසනීපකාරයෙක් කරවපු ඇලෙක්සැන්ඩර්ගේ මල්ලිගේ කියලා. මේ සොහොන හදලා තියෙන්නේ ක්‍රි.පූ. 336 දී. මළ සිරුර ආපහු හදවලා බැලුවාම ඇහැක කැළලක් තිබුණා. ඒ නිසා දැනට නම් ඒක දෙවන පිලිප්ගේ කියලයි කියන්නේ.

2. ග්ලාසන්බරි ඇබේ.

දන්නවානේ “ආතර්” රජතුමා? “මෝර්ඩ්‍රඩ්” එයාට තුවාල කළාට පස්සෙ ඉතුරු වුණු සෙනවිවරු ආතර් අරගෙන ගියේ ඇවලොන් නගරයට. ඊට පස්සෙ බෝට්ටුවකින් ග්ලාසන්බරි ඇබේවලට අරගෙන ගියා. එතන දී එයා මැරුණා. ආතර්ගෙ මළ සිරුර පොළොවෙන් හුඟාක් ම යටට වෙන්න වැළලුවා ලු. 

1911 දී විතර පූජකයන් පිරිසකට ආතර්ගෙ සොහොනේ ඵලකයක් හම්බ වෙලා තියෙනවා. හාරලා බැලුවට පස්සෙ එතන පිරිමියෙකුගේ විතරක් නෙවෙයි, ගැහැනියකගේ සිරුරු කොටස් කිහිපයකුත් දකින්න ලැබුණා. මේ ඉන්නේ ආතර් රජුයි එයාගෙ බිසව, ග්වෙනවියර් රැජිනයි කියලා තමා කියන්නෙ. හැබැයි මේ වෙද්දී නම් ඒ සිරුරු දෙක ම අතුරුදන් වෙලා.

3.රෙනෙස් ලෙ චැටෝ.

ප්‍රංශයේ පිහිටලා තියෙන මේ ගම්මානයේ කළු ගල්වලින් හදපු මහ විශාල සොහොනක් තියෙනවා. ඒත් කාටවත් ඒකෙ ඇතුළට යන්න බෑ. සීල් කරලා තියෙන්නේ. දොර උඩ අශ්වයෙකුගේ පිටේ නැගලා ඉන්න සෙබළුන් දෙන්නෙකුගේ රූපයකුත් තියෙනවා.

මේ සොහොනේ පුරාණ මෙරොවින්ජියානු රජවරුන්, මරිය මග්දලේනා සහ බොහෝ විට ජේසුස් වහන්සේගේ මළ සිරුරත් තැන්පත් කරලා තියෙන බව කියනවා. හැබැයි මෙතන කවුද හැදුවෙ කියන එක වගේ ම සීල් කළේ ඇයි කියන එකත් කවුරුත් දන්නෙ නෑ. සමහර විට ජේසුස්වහන්සේගේ සිරුර ඇත්තට ම තියෙන නිසා වෙන්න පුළුවන්.

4.ගෝර්ඩියම්, තුර්කිය.

මේක හදලා තියෙන්නේ රත්තරන්වලින්. මළ සිරුරුවලටත් රත්තරන් ගාලා වගේ. ඉස්සර කාලෙ තුර්කියේ හිටිය “මිදාස්” කියන රජ්ජුරුවන්ට අපූරු හැකියාවක් තිබුණා ලු. එයා අල්ලන අල්ලන හැමදේම රත්තරන් බවට පත් වුණා ලු. ඔහොම ඔහොම ගිහින් දවසක් වැරදීමකින් තමන්ගෙ පොඩි දරුවො තුන්දෙනාවත් ඇල්ලුණා ලු. එතකොට ම එයාලා රත්තරන් පිළිම බවට හැරුණා ලු.

ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ සොහොන ඇතුළෙ රන් පිළිමත් තියෙන නිසා ඒක මිදාස්ගේ පරම්පරාවට අයිති එකක් කියලා හිතන්න පුළුවන්.

5.බ්‍රිතාන්‍ය කොලොම්බියාව, කැනඩාව.

1420 අවුරුද්දේ විතර ක්වාඩේ ඩෑන් සින්චි” කියලා හඳුන්වන ආදි කාලීන මිනිහෙකුගේ ඇටකටු හම්බ වුණා. ඒවා තිබුණේ ග්ලැසියරයක් අස්සේ හිර වෙලා. හුඟ කල් ඉඳලා ම මේ වගේ ග්ලැසියර් අස්සේ මිනිස්සු සිය ගණනක් මැරිලා ගියා. අදටත් හිම තියෙන පළාත්වල මරණවලට ලොකු හේතුවක් තමයි ග්ලැසියර් වළවල්. 

කැනඩාවේ ආදිකල්පික මිනිස්සු ගැන හොයලා බැලුවාම, ඒ අතර වෘක මිනිස්සුත් හිටියා ලු නේ.  ක්වාඩේත් එයින් එක්කෙනෙක්. එයාගේ සිරුරත් එක්ක ඇටකටුවලින් හදපු පිහියක්, හම් කොපුවක්, හෙල්ලයක්, ලී සැරයටියක් වගේ ම වේලිච්ච කරවල මල්ලකුත් හම්බ වුණා. ඒවායින් පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා වෘක මිනිසුන්ගේ ගතිසොබාව අඳුන ගන්න.

6.ඊසානදිග මොන්ගෝලියාව.

ඉස්සර මොන්ගෝලියාවේ ජීවත්වුණු “ජෙන්ගිස් ඛාන්” කියන දුෂ්ට රණශූරයා ගැන දන්නවා ඇති නේ. එයාගෙ මළ සිරුර හරියට ම කොහෙද තියෙන්නේ කියලා තාම අඳුනගෙන නෑ. ඊසාන පැත්තේ තියෙන එක සොහොනක් හොඳට වහලා තියෙනවා. ඒක ඇතුළේ වටින නිධානයකුත් තියෙනවා ලු. මෙන්න මේ සොහොන ජෙන්ගිස්ගෙ කියලයි හිතන්නේ.

හරියට ම සොහොන හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ, ජෙන්ගිස් වැළලුවාට පස්සේ ඒ මළගමට සම්බන්ධ වුණු හැම දෙනාව ම මරලා දාපු නිසා ලු. මිනිස්සු විතරක් නෙවෙයි අශ්වයින් 800කුත් මරලා තියෙනවා. ඒ, කාටවත් මිනිය හොයාගන්න බැරි කරන්න ලු. 

7.ස්ටෝන්හෙන්ජ්, එංගලන්තය.

මේක නම් අමුතු තැනක් විදිහට ලෝකය පුරාම ප්‍රසිද්ධයි. හැබැයි ඒක සොහොනක් කියලා නම් සමහරු විශ්වාස කරන්නේ නෑ. මෙතන වළලා තියෙන්නේ විශේෂ උදවිය විතරයි. ඒ වගේ ම ටික කාලයයි පාවිච්චි වෙලා තියෙන්නේ. ගල් ස්මාරක හදලා කාලයක් ගියාට පස්සෙයි මේක සොහොනක් කරලා තියෙන්නේ.

About The Author