Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ක්‍රිකට් පාවාදීමේ පරීක්ෂණ තවම අවසන් නෑ” – ඇමති අලුත්ගමගේ කතාව අලුත් කරයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟය පාවා දුන් බවට තමන් කළ ප්‍රකාශය පිළිබදව පැවැත්වූ පරීක්ෂණ කිසියම් පිරිසකගේ මැදිහත්වමෙන් වෙනතකට යොමු කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍පවසයි.

ඊයේ පෞද්ගලික නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් කණ්ඩායම නම්කළ බවත් තරඟාවලියේ නොදැකපු ක්‍රීඩකයින් අවසන් තරඟයේ ක්‍රීඩා කරන බව දුටු බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.

එහිදී ඔහු ලංකාවට පැමිණ ඒ සම්බන්ධයෙන් ICCයට පැමිණිල්ලක් කළ බවද, හරූන් ලොගාඩ් මහතාට යැවූ ලිපියේ පිටපතක් තමන් සතු බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරඟ පවාදෙන බවට චෝදනා එල්ලවන රටවල් අතර ඉහලින්ම සිටින රට බවට 2018 වසරේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් ICC මඟින් ඒවා ඇති බවත් ඒවා වැලැක්වීමට හා දඬුවම් දීමට පණතක් තමන් අමාත්‍යවරයාව සිටියදී ගෙන ආවත් නිසි දඬුවමක් ඒ සඳහා දී නොමැති බවත් අන්තර් ජාතික තරඟාවල පමණක් නොව දේශීය තරඟ වලදී ද තරඟ පාවා දෙන බවට තොරතුරු රාශියක් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ලෝක කුසලාන තරගාවලියක් පාවාදුන් බවට චෝදනාවක් එල්ල වූ විට සති දෙකක් ඇතුළත පරීක්ෂණ අවසන් වූ කිසිඳු රටක් නොමැති බවත් එහි පරීක්ෂණ තවම අවසන් නොමැති බවත් වැඩි දුරටත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

About The Author