පුහු අටෝප සහ මිත්‍යාව වැපිරීමෙන් වැලකි ජනතාව වෙනුවෙන් සාධනීය කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙනවා.
ඒ අද පාර්ලිමේන්තුව අමතමින්.
ඔහු සදහන් කළේ හදවතක් නොමැති වත්මන් ආණ්ඩුවට ජනතාවගේ නාඩි නොතේරෙන බවයි.
ප්‍රශ්න වලින් මිරිකෙමින් දුක් විදින ජනතාව පිළිබද කිසිදු සංවේදී බවක් නොපෙන්වන ආණ්ඩුව පොහොසතුන්ට බදු සහන ලබා දෙමින් ක්‍රියා කළ බවත්, කොරෝනා පැමිණීමට පෙර මාස කිහිපය තුළ ද රජය විසින් ජනතාවගේ යහපත වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් සදහන් කළා.
වත්මන් රජය බලයට පත් වී රජය සේවකයින් වෙනුවෙන් ලබා දීමට සැලසුම් කර තිබු රූ. 3,000ක සිට රූ. 24,000 දක්වා වැටුප් වර්ධනයන් මෙන්ම විශ්‍රාම දීමනා ද අහෝසි කල බවත් පෙන්වා දුන් ප්‍රේමදාස මහතා ආණ්ඩුව විසින් ධනපති පංතියට බදු සහන දීම හරහා රජයේ බදු ආදායම 29%කින් අඩු වූ බව ද සදහන් කළා.
සම්පුර්ණ කතාව පහළින්…
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක