අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු පිරිස අද රාත්‍රී 7.35ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා.
අද සිය ඉන්දියානු සංචාරය නිමා කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නවදිල්ලි නුවර සිට මෙරට දක්වා පැමිණ තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට මෙරට ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම පැමිණීම සම්බන්ධයෙන් චීන රජය විසින් නිල සහ රාජතාන්ත්‍රික මට්ටමේ විරෝධයක් පල කර තිබීමද විශේෂත්වයක්.
පොම්පියෝ මහතාගේ ලංකාගමනය ඉදිරියේදී රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ආන්දෝලනයක් නිර්මාණය කිරීමට සමත්වනු ඇති බව විදෙස් විත්ති විචාරකයන්ගේ අදහසයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට