Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කරීනා නැවතත් දරු සුරතල් බැලීමට සුදානම් – ඡායාරුපයක් අන්තර්ජාලය කළඹයි

මොහොතින මොහොත පුවත් මවන බොලිවුඩ් තරු පුරවරයේ සුරූපිනියන් කිහිප දෙනෙකුම මේ දිනවල කිරි සිහින දකිමින් සිටිනවා

ඒ අතරින් හිටි හැටියේ වැඩි දෙනෙකුගේ අවදානය දිනා ගැනීමට කරීනා කපූර් ඛාන් සමත් වුනේ ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක්කල සේයාරුවක් නිසයි.

එමගින් දැක්වුනේ ඇය නුදුරේදීම යළිත් මව්පදවිය ලබන බවයි.

බොලිවුඩයේ පතාක කණුවක් වන කපූර් පවුලේ දියණියක් ලෙස 1980 වසරේ උපත ලද ඇගේ පියා රනධීර් කපූර් වන අතර මව වන්නේ බබීතායි.

කලක් සිනමාවේ ප්‍රේමණීය රැගුම් පෑ කරිෂ්මා ඇගේ වැඩිමහල් සොහොයුරිය වන අතර කරීනා 2000 වසරේදී සිනමාවට පිවිසියා.

“කබි කුෂි කබි ගම්” හා “අශෝක්” යන සිනමා දිවිත්වය ඈ බොහෝ දෙනෙකුගේ මතක් අතර රැදවීමට සමත් වූවා.

ඉනික්බිති සිනමාපට රැසක් සිය සරාගී සිනහවෙන් හැඩකල කරීනා ශාහිඩ් කපූර් හා පෙමින් බැදුනා.

කලෙකින් එම පෙම් කතාව නිමා වූ අතර පතාවුඩි පරපුරේ කුමරෙක් වූ සාහිෆ් හා පමින් බැදුනු ඈ 2012 වසරේදී ඔහු හා සරණ ගියා.

2016 වසරේ දෙසැම්බරයේ ඔවුන්ගේ කුළුදුල් දරුවා ලෙසින් තයිමූර් ඛාන් උපත ලැබූ අතර ඔහු බොහෝ සිනමා ලෝලීන්ගේ ආදරයට ලක්වූවෙක්.

ඔවුන්ගේ පවුලේ අලුත් සාමාජිකයා ලබන වසරේ පෙබරවාරි මාසයේදී මෙලොව එළිය දැකීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

© ජානකී වික්‍රමසිංහ

About The Author