Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මධ්‍යම පළාතේ කොවිඩ් රෝගීන් ගණන 1000 ඉක්මවයි – ආණ්ඩුකාරවරයා වගකීම ගත යුතු බවට චෝදනාවක්

මධ්‍යම පළාතේ කොවිඩ්- 19 ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ යමින් ඇති තත්වයක මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 611 ක් බව බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මාධ්‍ය හමුවක් කැදවමින් මධ්‍යම පළාත් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය අදාළ වගකීම රජය විසින් දැරිය යුතු බවට චෝදනා කරනවා.

ඇය පවසන්නේ ආරක්ෂක ලේකම්වරයා , හිටපු බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරිය සහ පළාත් ආණ්ඩුකාරවරයා විසින් කොරෝන ආසාධිත රැදවියන් බෝගම්බර බන්ධනාගාරයට ගෙන ඒමට ගත් අත්තනෝමතික තීරණය හේතුවෙන් මහනුවර නගරය පුර වෛරසය ව්‍යාප්ත වූ බවයි.

කෙසේ වෙතත් මෙම අවධානම ද නොතකා පළාතේ ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් පළාතේ පාසල් විවෘත කිරීමට කටයුතු කිරීම හේතුවෙන් දරුවන්ගේ ජීවිතද අනතුරට ලක්වන බව කෝන්ගහගේ මහත්මිය පෙන්වා දෙනවා.

ආණ්ඩුකාරවරයා සෞඛ්‍ය අංශ වල නිර්දේශ කිසිවක් මායිම් නොකරමින් කටයුතු කරමින් සිටින බවටත් කොරෝනාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම පසෙකින් තබා රුපියල් මිලියන ගණනින් මුදල් වැය කරමින් දේශපාලන දඩයමක නිරතවන බවටත් ඇය චෝදනා එල්ල කරනවා.

අදාළ වීඩියෝව පහළින්..