Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කත‍්‍රිනාට කසාදයක්


සුරූපී බොලිවුඞ් නිළි කත‍්‍රිනා කායිෆ් විකී කෞෂාල් එක්ක යාළු වෙලා ඉන්නේ කියන එක දැන් ප්‍රසිද්ධ රහසක් නෙ. දැන් එයාට කසාදයක් බැඳීමේ අදහසක් පහළ වෙලා. කවුද ඒ වාසනාවන්ත කොල්ලා? කලබල වෙන්න එපා. කොල්ලාව නම් තවම තීරණය කරලා නැහැ. එහෙනම් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ම කෙනෙක් හොයනවා වෙන්න ඇති. අපට කොහෙද බූල් බල්ලෝ නේද… නැහැ නැහැ. එයා මේ සැරේ හොයන්නේ කිසිසේත් ම චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට සම්බන්ධ නැති කෙනෙක්. කොච්චර හොඳ ද? ඇත්තටම කත‍්‍රිනාට දැන් මොළේ පෑදිලා. චිත‍්‍රපට ක්ෂේත‍්‍රය ඇතුළේ ඉන්නේ නළු නිළියෝ. එයාලගේ වෘත්තිය වගේ ම සෑබෑ ජීවිතය තුළත් රඟපෑම් බහුලයි. එහෙම තැනක කොහොමද සැබෑ ආදරයක් හොයන්නේ…?


කත‍්‍රිනා මුලින් සල්මාන් ඛාන් ළඟ ආදරය හොයන්න උත්සහ කරලා බැලූවා. වැඬේ හරි ගියේ නැහැ. සල්මාන් නම් කිව්වේ තමන් සැබෑ පේ‍්‍රමවන්තයෙක් වගේ ආදරය කළාට කත‍්‍රිනා එයාව දාලා ගියා කියලා. කැට් කිව්වේ ඒකේ අනිත් පැත්ත. කොහොම වුණත් ඒ කතාව ඉවර කරලා කත‍්‍රිනා හැරුණා දීපිකාගේ විරහවෙන් අන්දමන්ද වෙලා හිටිය රන්බීර් කපූර් දිහාවට. ඒ ප්‍රේමයට මඟ පෑදුවේ අජබ් පේ‍්‍රම් කී ගසබ් කහානී චිත‍්‍රපටය බව කවුරුත් දන්නවා. ඒත් ඒකටත් වැඩි ආයුෂ තිබුණේ නැහැ. කත‍්‍රිනා නම් රන්බීර්ට ආදරය කළේ ඇත්තට ම බව හුඟ දෙනෙකුට පෙනී ගිහින් තිබුණා. කට්ටිය හිතුවේ එයාලා විවාහ වෙයි කියලා. ඒ වුණත් රන්බීර්ට ඒ සම්බන්ධය, යන එන ගමන් ගහ ගත්ත කොක්කක් බවට පත් වෙලා තිබුණේ. ඊට පස්සේ තමයි විකී ආවෙ. ඒකත් කොහෙන් කෙළවර වෙයිද කියලා දෙයියො තමා දන්නෙ…


දැන් කත‍්‍රිනා හැම දේ ම අත හැරලා තැන්පත් වෙන්න ලු යන්නේ. ඒ වගේම එයා හොඳ දියණියකගේ ලක්ෂණ පෙන්වමින් තමාට මනමාලයෙක් හෙවීම අම්මට බාර දීලා ලූ.

About The Author