Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බබාට නමක්


ඔයාලා දන්නවා නේ ඓශ්ගෙයි අභිෂේක්ගෙයි බබා? එයා පුංචි කාලෙ නමක් තීරණය කර ගන්න කට්ටිය පුදුම දුකක් විඳලා තියෙන්නෙ. බබාට මාස තුනකුත් පහු වෙලා. ඒත් තවම එයාට නමක් තියලා තිබිලා නැහැ. “බේටි බී” කියලා තමයි කිය කිය ඉඳලා කියන්නේ. බබාගෙ සීයා අමිතාබ් බච්චන් ගෙදර ආව ගමන් (එයා ඒ දවස්වල හිටියේ රෝහල් ගත වෙලා) බබාට නමක් තියන්න තමයි ලු හිතාගෙන හිටියෙ.


ඔය කියන බබාට ඊට කලිනුත් නම් කිහිපයක් ම තියන්න හදලා තියෙනවා. ඓශ්ට වුවමනා වෙලා තිබුණේ බබාට “ආලියා” කියලා නම් තියන්න. ඒත් අභිෂේක් ඒ නමට පොඩ්ඩක් වත් කැමති වුණේ නැහැ. හුඟ දෙනෙක් හිතුවා චාරිත‍්‍රානුකූල මකර සංක‍්‍රාන්ති උත්සවයෙන් පස්සේ “බේටි බී”ට නමක් ලැබෙයි කියලා. කෝ ඒත් නැහැ. සුප‍්‍රකට නිළි “ඔප්රා වින්ෆේ‍්‍ර” ඉන්දියාවට ආවට පස්සේ එයා ඓශ්ව බලන්න ගියහින් තිබුණා නේ. මොකද ඔප්රාගේ ප‍්‍රියත ම නිළිය තමයි ඓශ්. ඒ වෙලාවේ එයා කිව්වලු “බේටි බී” ගේ පළවෙනි කළඑළි දැක්ම තමන්ගේ ප‍්‍රසංගයේ දී කරන්න කියලා. හැමෝම හිතුවා ඒක නම් කොහොම හරි වෙයි කියලා. කට්ටිය දත කට මැදගෙන බලාගෙන හිටියා බබාව දකින්න. ඒවා කොහෙද. පිටරටකින් ආව නිළියකට බච්චන් පවුලේ චාරිත‍්‍ර වෙනස් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ.


අන්තිමේ දී ඓශ්ගේත් අභිගේත් නම් දෙක එකතු කරලා බබාට “අභිලාශා” කියලා නම තියන බව තමයි සියයට අනූදෙනෙක් විිතර විශ්වාස කළේ. හැබැයි තිබ්බේ කවුරුත් හීනෙකින්වත් හිතපු නැති නමක්. ඒ් තමයි “ආරධ්‍යා”. දැන් නම් ආරධ්‍යාට වයස අවුරුදු අටකුත් වෙලා.