Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කට වරද්දා ගත් කරීනා

මේක වෙලා නම් දැන් ටිකක් කල් වෙනවා. දන්නවා නේ ඉන්දියාවේ ජනප්‍රිය වැඩසටහනක් තියෙන්නේ “කොෆී විත් කරන්” කියලා. ඉතින් ඕකට දවසින් දවස එක එක නළු නිළියෝ ගෙන්නනවා. 

මේ කියන දවසෙ ආවෙ කරීනා කපූර් සහ එයාගෙ ඥාති සහෝදරයෙක් වුණු රන්බීර් කපූර්. එතකොට රන්බීර්ට කත්‍රිනා බඳින්න අදහසක් තියෙන බව පෙනුණේ නැහැ. හැබැයි “අජබ් ප්‍රේම් කී ඝසබ් කහානී” චිත්‍රපටය රඟපෑවට පස්සේ රන්බීර් – කත්‍රිනා එහෙ මෙහෙ අහුමුලුවල කොමල ප පා ඉන්නවා කැමරා ඇස්වලට අහු වෙලා තිබුණා. රන්බීර් විතරක් නෙවෙයි, එයාගෙ පවුලෙ අයත් කිව්වෙ එහෙම සම්බන්ධයක් නම් නෑ ම යි කියලා.

ඉතින් ඔන්න කරන් වැඩසටහන අතරතුර ප්‍රශ්න අහමින් යනවා. අර දෙන්නත් බොක්කෙ තියෙන දේවලුත් ඇදලා දෙනවා. ටිකකින් කරන් තම තමන් කැමති ම සින්දු ගැන අහනකොට කරීනා එක පාරට ම කියපි “මං නම් හරි ආසයි ‘චික්නි චමේලි’ සින්දුවට. මම අනිවාර්යයෙන් ම රන්බීර්ගෙයි කත්‍රිනාගෙයි වෙඩින් එකේ දී ඒකට නටනවා” කියලා. 

“හා… ඒ කියන්නෙ මුකුත් නෑ නෑ කිව්වට දෙන්නා යාළු වෙලා විතරක් නෙවෙයි, කසාද බඳින්නත් හදන්නේ නේද?” කියලා කරන් ඇහුවා. රන්බීර්ට කට උත්තර නෑ. මොනවා කරන්න ද ඉතින්… වැඩසටහන ඉවර වෙනකල් කරීනාට ඔරව ඔරවා හිටියා.

About The Author