Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විනාශයට පත් හැලොවීන් රාත්‍රිය.

පසුගිය සෙනසුරාදා සමරනු ලැබූ හැලොවීන් රාත්‍රියේ දී කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරයෙහි විසූ 24 හැවිරිදි පුද්ගලයෙකු මධ්‍යකාලීන යුගයේ ඇඳුමකින් සැරසී, අසල පිහිටි නිවාසයක වැසියන් පිරිසකට පහර දී තිබෙන අතර ඉන් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ක්විබෙක් නගරයේ පොලිස් ප්‍රධානී රොබට් පරෙවි, ඉරිදා උදෑසන පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ සැකකරුගේ අරමුණ පෞද්ගලික එකක් බව යි. මේ දක්වා ඔහු කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධ වී සිටි බවට සාක්ෂි ලැබී නොමැති අතර ඔහු මෙය සිදු කිරීමට සැබෑ හේතුව සොයා ගැනීම සඳහා පොලිසිය සම්පූර්ණ උත්සාහය දරමින් සිටියි. 

ක්විබෙක් නගරයේ පැරණි කොටසේ සිදු වූ මෙම අමිහිරි සිදුවීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ සියලු නිවාසවල වැසියන් ද කම්පනයට හා කණගාටුවට පත්වන සිටින බව පරෙවි පැවසීය.

ප්‍රහාරයෙන් පසු පොලිසිය අදාළ ප්‍රදේශය සෝදිසි කරමින් සිටි බැවින් පාර්ලිමේන්තු හිල් ප්‍රදේශයට පැමිණීමෙන් වළකින්නැයි පුරවැසියන්ගෙන් ඉල්ලා සිට තිබිණි.  පසුව ‍ප්‍රාදේශීය වේලාවෙන් අළුයම 1 ට පමණ ඔවුන් පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව යි. ⁣එහෙත් තවමත් එම ප්‍රදේශය දිගින් දිගටම සෝදිසි කරමින් පවතින බැවින් දොරවල් අගුලු දමා නිවසට ම වී සිටින ලෙස පොලිසිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

තුවාල ලැබූ පස්දෙනා ප්‍රාදේශීය රෝහල් වෙත ප්‍රවාහනය කර ඇති අතර සැකකරු ද ප්‍රශ්න කිරීම සඳහා ගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එටියන් ඩොයොන් පවසයි.

සැකකරු ඉරිදා වීඩියෝවක් හරහා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

සැකකරුගේ ක්‍රියාකලාපය කලින් සැලසුම් කර ඇති එකක් බවත්, මෙවැනි මිනීමැරුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මානසික රෝගාබාධ ද හේතු විය හැකි බවත් පොලිසිය කියා සිටියි.

“ක්විබෙක් අවදි වන්නේ භයානක රාත්‍රියකට පසුවය. එවැනි ඛේදවාචකයක් විස්තර කිරීමට මට වචන නොමැත. වින්දිතයන්ගේ ආදරණීයයන්ට මාගේ ශෝකය ප්‍රකාශ කරමි” යැයි ක්විබෙක් අගමැති ප්‍රංශුවා ලෙගෝල්ට් ට්වීට්ටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

“ක්විබෙක් නගරයේ සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ ආදරණීයයන් වෙනුවෙන් මගේ හදවත බිඳී යයි” කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කියා සිටියි. “මමත් තුවාල ලැබූවන් හට සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරමි. අපි ඔබ අපගේ සිතුවිලිවල රඳවාගෙන ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. පළමු ව ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටත් ඔබගේ විවේචනාත්මක කාර්යයටත් ස්තූතියි.” ඔහු තවදුරටත් කියා සිටියේ ය.