Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබ ගැටුණේ වැරදි පරම්පරාවත් සමඟ යි.

පේරු රටෙහි දේශපාලන යෝධයෙකු නැඟිටිමින් සිටින බව පෙනේ. පේරු ⁣රාජ්‍යයෙහි ජනාධිපති ධුරය විවිධාකාරයේ මිනිසුන් තිදෙනෙකු අතර දෝලනය වෙමින් රජයේ ඉහළම මට්ටම් අතර සති දෙකක් තිස්සේ පැවැත්වුණු රංගනයන්ගෙන් පසු, තරුණ තරුණියන් දහස් ගණනක් විරෝධතා පැවැත්වීමට පටන් ගෙන තිබේ.

#TheyMessedWithTheWrongGeneration නම් හැෂ් ටැගය සමඟ සටන් වදින ඔවුන් නිලධාරීන්ට අනතුරු අඟවා සිටින්නේ තවදුරටත් දූෂණය ඉදිරියට ගෙන යාමට තම පරම්පරාව ඉඩ නොදෙන බව යි.

මොකුගුවා කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මාර්ටින් විස්කරාගේ දෝෂාභියෝගයත් සමඟ මේ මස මුල දී පේරු රාජ්‍යය තුළ වෙනසක් සිදු විය. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් නීතිමය සටනකින් තොරව කොන්ග්‍රසය විසින් ඔහු ඉවත් කළ යුතු බව තීරණය කරන ලදී.

මතුපිටින් ගත් කල, ඔහුගේ ඉවත් කිරීම රටෙහි ඉහළ ම තනතුරට අපකීර්තියක් ගෙන දුන් දූෂණ චෝදනාවලට සම්බන්ධ වූ නවතම පසුබෑමේ අවස්ථාව ලෙස පෙනී යයි.

මේ අතර විස්කරාගේ පූර්වගාමීන් කිහිප දෙනෙකු සිරගත කිරීම හා විමර්ශනයට ලක් කිරීම ද සිදු වෙමින් පවතී. පේද්‍රෝ පැබ්ලෝ කුක්සින්ස්කි බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් වෙතින් ඩොලර් මිලියන 4කට වැඩි අල්ලස් ලබා ගත් බවට එල්ල වූ චෝදනා මධ්‍යයේ ඔහු ඉල්ලා අස් වී තිබේ. එම සමාගමෙන් අල්ලස් ලබා ගත් බවට සැකපිට පොලීසිය විසින් ඇලන් ගාර්ෂියා ද අත්අඩංගුවට ගැනිණි. ඇලෙජැන්ඩ්‍රෝ ටොලිඩෝ එක්සත් ජනපදයේ දී අත්අඩංගුවට ගත් අතර දැන් දූෂණ චෝදනා මත පේරු වෙත පිටුවහල් කිරීමට සූදානම් කර තිබේ. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සිටින බව සැල වේ.

පේරු රජයේ නීතිඥ කාර්යාලය විසින් ඔලන්ටා හුමාලාට එරෙහි ව ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබේ. එනමුත් හුමලා මෙම චෝදනාව විවාදයට ලක් කරනවා පමණක් නොව, අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සිය පූර්ව අපේක්ෂකත්වය දෙවන වරට ද ඉදිරිපත් කර තිබේ. ටොලිඩෝ මෙන් ම හුමලාගේ චෝදනා ඔඩෙබ්‍රෙක්ට් වංචාවට සම්බන්ධ ය.

සියල්ල මධ්‍යයේ මේ වන විට විස්කරාගේ නෙරපා හැරීමට එරෙහි ව මහජන විරෝධයක් ඇති වී තිබෙන බව පෙනේ.

About The Author