Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එදා වරාය විකුණනවාට විරුද්ධ වූ අය , අද රෙදි ගලවාගෙන වරාය විකුණන්න හදනවා – දැන් හොරු දිනලා ජනතාව පැරදිලා

එදා ඩලස් මහතා ඇතුළු පිරිස වරාය විකුණනවාට විරුද්ධව රෙදි ගලවාගෙන උද්ඝෝෂණ කළ බවත්, අද ඩලස් මහත්තයාලා රෙදි ගලවාගෙන වරාය විකුණන්න යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ මහතා මේ අදහස් පල කළේ ජනතා විමුක්ති පෙරමුණ මගින් දිවයින පුරා ‘සොරි කවුද දිනුම්’ යන මැයෙන් පවත්වන සම්මන්ත්‍රණ මාලවේ එක් වැඩසටහනක් ලෙස වැලිමඩ ජෙමිණි ශාලාවේදී පැවැති වැඩසටහන සඳහා එක්වෙමිනි.

සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

‘‘දැන් ඒ අය සීතල කාමරවල ඉදගෙනම රෙදි ගලවාගෙන ඉන්නේ. ඉතිං වෙනස මොකක්ද. රනිල් මහත්තයාගේ ප්‍රතිපත්ති රනිල් මහත්තයාටත් වඩා හොඳට ගෝඨාභය රාජපක්ෂ මහත්තයායි එයාගේ යාළුවෝ ටිකයි කරගෙන යනවා. ධනපති පන්තියක් හැටියට වැඩ කරනවානම් ඒ අය දිනුම්. මෙතන වෙනස වුණේ ඔළු ගෙඩි මාරුවක් විතරයි. අපේ ගුවන් තොටුපළයි වරායයි ඇති අපේ රට ලෝකයේ ඉස්සරහින්ම තියන්න හරියට හිතුවොත්.

අද මේ අය හිරිකිතයකින් තොරව ඩොලර් මිලියන හත්සියක් අටසීයක් වැනි සොච්චමි මුදලක් ගන්න බලාගෙන ඉන්දියාවට විකුණන්න බලාගෙන ඉන්නවා. විකුණනවා කියන වචනය විතරයි වෙනස් කරලා තියෙන්නේ. විකුණන්නේ නැහැලු. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා අපි වරාය විකුණන්නේ නැහැ. ආයෝජකයා කැඳවනවා කියලා. ඉතින් චීනයට අනූනව අවුරුද්දට දීලත් විකුණුවේ නෑ ආයෝජකයා තමයි කැඳෙව්වේ. පෝට් සිටියට ආයෝජකයා තමයි කැඳවලා තියෙන්නේ. හැබැයි අපේ පරම්පරා දෙක තුනකට අපේ භූමිය වතුර ටික නැති වෙලා යනවා. ආයෝජකයා කැඳවාගත්තට පස්සේ වෙන්නේ මොකක්ද. ඒක පරංගි ලන්දේසි ආවට වඩා වෙනසක් වෙන්නේ නැහැ. එදා ඒ අයට තිබුණ ජාත්‍යන්තර බලය ඉස්සරහා රටවල් ආක්‍රමණය කරන යුද හමුදාවක් ලෙස ආවා වගේ අද මූල්‍ය හමුදාවක් ලෙස එනවා. දැන් ආණ්ඩුව විදේශ ගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගේන්නේ නැහැ. හැබැයි ජනාධිපතිවරණයට ඡන්දය දාන්න ආව නැති යුක්රේන ජාතිකයන් ගේනවා. ජාත්‍යන්තර රතු වරෙන්තු ඇති ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන්න හිටිය, මිග්යානා වංචාවට හොරකමට සම්බන්ධ රුසියාවේ හිටපු තානාපති මේ අයගේ ගජ මිත්‍රයා උදයංග වීරතුංග දැන් කට්ටිය ගේනවා. ඔන්න වෙනස.

දැන් අර මැදපෙරදිග දුක් විදින අම්මලා තාත්තලා පාරේ වැස්සේ අව්වේ සීතලේ ඉන්න තැනක් නැතිව දස වද විඳිනවා. ඒ අය දැන් මේ ආණ්ඩුවට වැඩක් නැහැ. එතකොට කවුද දැන් දිනලා තියෙන්නේ. කවුද පැරදිලා තියෙන්නේ. උදයංග වීරතුංගලා දිනලා. ඒ හොරු කණ්ඩායම දිනලා. ගජ මිත්‍රයෝ දිනලා. කවුද පරාද? ජනතාව තමයි පරාද. අතින් වියදම් කරලා ටිකට් අරන් ඇවිල්ලා එහෙමත් නැත්තම් මගුල් මුද්ද විකුණලා මුදල් අරන් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලා දිනවපු අය දිනුම්ද? නෑ ඒ ජනතාව පරාදයි.

අද මේ ආණ්ඩුව ගැන කලකිරුණු පිරිස අතර වැඩිපුරම ඉන්නේ මහා සංඝරත්නය. ආගමික නායකයෝ. අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා. එතුමා දැන් කියනවා මේ රට දැන් කුණු ගොඩක්ලු. කුණු කන්දක්ලු.

මොකද උන්වහන්සේලා මේ ආණ්ඩුව විශ්වාස කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඒ කතෝලික ජනතාව පීඩාවට පත්වුණා. අසරණ වුණා. මරුමුවට පත් වුණා. ඒ සිද්ධ වෙච්ච ප්‍රහාරය කතෝලික පල්ලි ඉලක්ක කරගෙන සිද්ධ චෙව්ව එකක් වුණා. ඒ දේ කළ අය නීතිය හමුවට ගේනවා කිව්වා. නීතිය හමුවට ගේන එක කෙසේ වෙතත් ඒ වැරදි කරන්න දායක වුණු මිනිස්සු මේ ආණ්ඩුවේ තනතුරු අරන් ඉන්නවා. ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. කොමිෂන් ඔහේ යනවා. වාර්තා හදනවා. ඒවා නිකන් රට රවට්ටන විහිළු බවට පත් වෙලා.

හොරකම් කරන්නේ නැහැ කිව්වා. ගත්ත ගමන් අත උඩ හොරකම් කරනවා. නිකන් නෙමෙයි ගැසට් ගහලා හොරකම් කරනවා.

සීනි වංචාවෙන් ගැසට් ගැහුවා හොරකම් කළා. පොල් තෙල්වලින් හොරකම් කළා. මිනිස්සු කන බොන කෑම එකෙනුත් හොරකම් කළා. ඉතිං ජනතාව පරාදයිනේ. නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතපු ජනතාව පරාදයිනේ. ස්වාධීන කොමිෂන් සභාවල අඩු පාඩු තිබ්බා. ඒවා හදාගන්න තිබ්බා. අද ඒවා රාජපක්ෂ පවුලේ කොමිෂන් සභා බවට පත් වෙලා.’’ යනුවෙන්ද හදුන්නෙත්ති මහතා මෙහිදී පැවසුවා.

© ප්‍රේමලාල් රත්නායක-වැලිමඩ – අරුණ

About The Author