Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව කල් තැබේ.

ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුවේ සියලු සැසි පසුගිය බදාදා දින කල් තැබිණි. එම නියෝගය දෙන ලද්දේ පාර්ලිමේන්තු නීති සම්පාදකවරයා වන සාමි අබු ශහදේ හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැන ගත් හෙයිනි.

ආසාදිත තත්ත්වය සැල වූ වහා ම සියලු දෙනා නිවෙස් කරා යැවුණු අතර, අත්‍යවශ්‍ය නොවන්නේ නම් කිසිදු සේවකයෙකුට නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණීමට උපදෙස් දෙන ලදී. තව ද, අත්‍යවශ්‍ය රැස්වීම් හැරුණුකොට සියලු පාර්ලිමේන්තු රැස්වීම් ද නැවත දැනුම් දෙන තුරු කල් තැබිණි. 

කොවිඩ් 19 වසංගතයෙන් අනතුරු ව පසුගිය මැයි මස අග දී ඊශ්‍රායලය රට විවෘත කිරීමට යෙදිණි. එහෙත් මේ වන විට පාසල් ඇතුළු පොදු ස්ථානවලින් සිතාගත නොහැකි තරමේ ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වී ඇති අතර පාසල් පණහකට අධික සංඛ්‍යාවක් නැවත වසා දැමීමට සිදු වී තිබේ. ඔවුන සතු මිලියන නවයක ජනගහණය අතරින් අද වන විට ආසාදිතයින් 17,800ක් පමණ හමු වී ඇති අතර මරණ ගණන 300කට ආසන්න වී තිබේ.

About The Author