Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශප්‍රේමය ගැන කතා කළ කණ්ඩායම් කරුණාගේ ප්‍රකාශය හමුවේ මුනිවත රැකීම කණගාටුදායකයි

හමුදා සෙබළුන් දහස් ගනනක් මරා දැමූ බව ප්‍රසිද්ධියේ පවසමින් කරුණා අම්මාන් විසින් සිදුකළ ප්‍රකාශය අතිශයින් බරපතළ කරුණක් ලෙස තමා සලකන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කරනවා.

බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් මෙම අදහස් පළ කළ විජේවර්ධන මහතා මෙවැනි ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයට යන්තමින් හෝ සම්බන්ධ පුද්ගලයකු සිදු කලේ නම් මේ රට තුළ මතුවන වාතාවරණය කෙබඳුද යන්න ජනතාව කල්පනා කළ යුතු බවයි. ස්වාමීන් වහන්සේ, මාධ්‍ය සහ විවිධ කණ්ඩායම යොදා ගනිමින් රාජපක්ෂ කණ්ඩායම කුමන ආකාරයෙන් හැසිරිය ද යන්න පිළිබඳ තමා කල්පනා කළ බවත් මෙවැනි බරපතළ ප්‍රකාශයක් හමු වේ පසු ගිය කාලයේ විවිධ කාරණා වල දී දේශප්‍රේමීත්වය සහ දේශ අභිමානය පිළිබඳ කථා කරමින් හඬ නැගූ කණ්ඩායම් මුනිවත රකිමින් සිටීම පිටුපස රාජපක්ෂ පාලනයේ වංචනික සහ රැවටිලිකාරී ස්වභාවය සමාජයේ හමු වේ අනාවරණය වන බව ද පෙන්වා දුන්නා.

රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ද වූ එල් ටී ටී ඊ සංවිධානයේ නායකයකු ව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා විසින් හමුදා සෙබලුන් මරා දැමීම පිළිබඳ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ නීතිය ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද රුවන් විජේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් වෙන්වී යාම වී යාම පිළිබඳව ද අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පක්ෂ මූලස්ථානයක් පවා අහිමි ඇතැම් කණ්ඩායම් මෙවර මහ මැතිවරණයෙන් පසු ගොඩනැගිලි ඇල්ලීම පිළිබඳ අදහස් පළ කරන බවත් ,රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ගොඩනැගිල්ලේ අත්පත් කරගන්නන් නොව රට මුහුණ දෙන ආර්ථික සෞඛ්‍ය සහ සමාජයීය තත්ත්වයන්ට නිවැරදි දැක්මකින් යුතුව විසඳුම් ලබාදිය හැකි දේශපාලන නායකත්වයක් බවද සඳහන් කළා.