Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාව එක්සත් ආරක්ෂක මණ්ඩලයට.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නව සාමාජිකයන් ඇතුළු කර ගැනීමේ ඡන්ද විමසීම පසුගිය දා එම සංවිධනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. විශේෂත්වය වූයේ එහි ප්‍රධාන හෝ අනුසාමාජිකයෙකු නොවන ඉන්දියාව ද මෙවර ඡන්දයෙන් දිනුම ලබා ගැනීම යි. මෙම සාමාජිකත්වය වලංගු වන්නේ 2021 – 2022 කාලසීමාවට ය. එහි දී ඔවුන්ගේ කාර්යයභාරය වන්නේ ජාත්‍යන්තර වශයෙන් සාමයත් ආරක්ෂාවත් තහවුරු කිරීම යි. 

කෙසේ වුවත් ඉන්දියාවේ අසල්වාසියා වන පාකිස්තානය මේ පිළිබඳ එතරම් සතුටු වන බවක් නොපෙනේ. පාකිස්තානු රජය පවසන්නේ ආසියානු පැසිෆික් කලාපීය රටක් වශයෙන් සිය අසල්වැසියා හට මෙවැනි ගෞරවයක් ලැබීම සතුටට කරුණක් වුවත්, එය සම්පූර්ණයෙන් අනුමත කිරීමට තමන් ඉක්මන් නොවන බවයි. එතරම් ම සාමයට ලැදි නම් පසුගිය සතියේ දීත් ඉන්දියාව හා චීනය අතර සටන් ඇවිළුණේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති. විශේෂයෙන් ම චීනය අදාළ ආරක්ෂක මණ්ඩලයේ මූලාරම්භකයෙකු වී සිටියෙදීත්, එරටට එරෙහිව ගිය ඉන්දියාව වැනි රටකට ඡන්දය ලබා දීමට එක්සත් ජාතීන් ගත් පියවර පිළිබඳ පාකිස්තානය සිය පුදුමය පළ කරයි.

About The Author