Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමරිකානු පෝලන්ත ගිවිසුම.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වන  “මයික් පොම්පියෝ” පෝලන්තය සමඟ නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර ඇති අතර එමඟින් ඇමරිකානු හමුදා භට පිරිසක් නැවත සේවයේ යෙදවීමට අපේක්ෂා කෙරේ. මෙම ගනුදෙනුවෙන් පෝලන්තයේ සිටින එක්සත් ජනපද හමුදා නිළධාරීන්ගේ සංඛ්‍යාව 5,500 ක් දක්වා ඉහළ යනු ඇත. පෝලන්ත ආරක්ෂක ඇමතිවරයා වන “මාරියස් බ්ලැස්ක්සාක්” කියා සිටියේ තවදුරටත් සාකච්ඡා කළහොත් එම සංඛ්‍යාව ඉක්මනින් 20,000 දක්වා වැඩි කර ගැනීමට හැකි වන බවයි. මීට දින කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මනියට චෝදනා කරමින් කියාසිටියේ ඔවුන් සැලකිය යුතු අන්දමකින් “නේටෝ” ගිවිසුමට සහය නො දක්වන බව යි. 

සංස්කරණය කරන ලද කළ “ආරක්ෂක සහයෝගීතා ගිවිසුම” (ඊ.ඩී.සී.ඒ.) පොම්පියෝ සහ බ්ලැස්ක්සාක් මහතා විසින් සෙනසුරාදා දිනයේ වෝර්සෝහි දී අත්සන් කරන ලදී. “අනාගතයේ දී තර්ජනයක් ඇති වුවහොත් දෙරටෙහි සොල්දාදුවන් අත්වැල් බැඳගෙන සිටින බවට මෙය දීර්ඝකාලීන සහතිකයක් වනු ඇත”යි පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා අත්සන් කිරීමේ උත්සවයේදී පැවසීය. ඔවුන්ගේ පමණක් නොව යුරෝපයේ අනෙකුත් රටවල ආරක්ෂාව වැඩි කිරීමට ද එය ඉවහල් වනු ඇත. 

එක්සත් ජනපද හමුදා භටයින් 4,500 ක් පමණ මේ වන විට පෝලන්තයේ ස්ථානගත කර ඇති අතර නව ගිවිසුම යටතේ තවත් 1,000 ක් එක් කෙරෙනු ඇත. එක්සත් ජනපද හමුදා බලකායේ මූලස්ථානය ද ජර්මනියේ සිට පෝලන්තයට ගෙන යනු ඇත. “යුරෝපානු හමුදා උපායමාර්ගික ලෙස නැවත ස්ථානගත කිරීමක්” යනුවෙන් මෙම තත්ත්වය විස්තර වී තිබේ. භටයින් 12,000කට ආසන්න ප්‍රමාණයක් ජර්මනියෙන් ඉවත් කරන බවට එක්සත් ජනපදය පසුගිය මාසයේ ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව භටයන් 6,400 ක් පමණ නිවෙස් කරා යවනු ලබන අතර සෙසු අය පෝලන්තය, ඉතාලිය සහ බෙල්ජියම ඇතුළු නේටෝ රටවලට ගෙන යනු ලැබේ.

පෝලන්තය යනු ට්‍රම්ප්ගේ මිත්‍ර රටකි. නේටෝව වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහාත් රුසියාවට එරෙහි ව ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහාත් එහි නීතිඥයින් විසින් පනවනු ලබන මෙම නව මිලිටරි ගිවිසුම දේශපාලනික මෙන් ම උපායමාර්ගික ද විය හැකිය. එක්සත් ජනපදය දැනටමත් පෝලන්තයේ කුඩා බහුජාතික යුධ කණ්ඩායමකට අණ දෙමින් සිටියි. එලෙස ම ගොඩබිම පදනම් කරගත් ‘බැලස්ටික්’ මිසයිල ආරක්ෂක පද්ධතියක් ද ඉදිවෙමින් පවතින බවට සාක්ෂි ලැබී ඇත.

About The Author