අඳුනනවද ඇනා කෙන්ඩ්‍රික්? හොලිවුඩ් නිළියක්. “ට්වයිලයිට්” චිත්‍රපට මාලාව, “අප් ඉන් දි එයාර්”, “ඉන් ටු ද වුඩ්ස්” වගේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක ඇය රඟපෑවා.
මේ දවස්වල “ට්විටර්” සමාජ ජාලා වෙබ් අඩවියේ විහිළුකාරිය වෙලා ඉන්නෙ ඇනා. එයා ලියලා පළ කරන දේවල් දැකලා කට්ටිය හොඳට හිනා වෙනවා. බලමු එයා මොනවද ඔච්චරට ම කියන්නේ කියලා.
1.”මං අහලා තියෙනවා ටොම් කෘෘස් හරි ම සර්ව සුභවාදී, ප්‍රබෝධවත් නළුවෙක් කියලා. එයා එක්ක වැඩ කරන එක හරි විනෝදයි ලු. මාත් ආසයි අනේ ටොම් එක්ක රඟපාන්න. එතකොට බලමුකො එයාගෙ ඉවසීම නැති වෙලා, පිස්සෙක් වගේ කෑ ගහලා, ‘හයියෝ… දෙයියනේ… මාව මේ ඇනා පිස්සිගෙන් බේරලා දෙන්ඩෝ…’ කිය කිය කෑ ගහන හැටි. එයා එහෙම නොකළොත් මං ඇනා නෙවෙයි.”
2.”අහන්නකෝ, මම මේ දැන් මේක හොයා ගත්තේ. ඔයාලා ඉංග්‍රීසි හෝඩියක් අරගෙන “ඇනා” (ANNA) කියන අකුරු හතර, එක අකුර ගානෙ ඉස්සරහට අරගෙන ලියලා බලන්නකෝ මොකක්ද එන වචනේ කියලා. ඒ කිව්වේ A ලියන්නෙ නැතුව B ලියන්න. අන්න එහෙම. BOOB නේද? ඒ කියන්නේ පියයුරු. හපෝයි! ලැජ්ජාවෙ පණ යනවා.”
3.”මම මේක ඇත්තතටමයි අහන්නෙ හරිද. විහිළුවට ගන්න බෑ. ඔයාලා වෙඩින් කේක් කෑලි ගන්නෙ කීය ගානෙ ද අනේ? කොහෙන්ද ගන්න තියෙන්නේ? කට්ටිය මොකුත් හිතයිද දන්නෙ නෑ නේද, මම ගිහිල්ලා කඩෙන් එක වෙඩින් කේක් කෑල්ලක් ඉල්ලුවොත් එහෙම? මට විතරක් කන්න? මම ආසයි අයියෝ ඒවට…”
4.”පොලිස් කාර් එකක් ඔයාගෙ පිටිපස්සෙන් ඇවිල්ලා, නවතින්න අණ කරනකොට කොහොමද දැනෙන්නේ? ‘මම කාටවත් ම කිසීම වැරුද්දක් කරලා නෑ. හැබැයි නිරපරාදේ දඬුවම් විඳින්නයි යන්නේ.’ එහෙම නේද? මට නම් දත් දොස්තර ගාවට ගියාම දැනෙන්නෙත් ඒ හැඟීම ම තමයි අප්පා. මං හරි බයයි දත් ගලවනවට”.
5.”මගේ ජීවිතෙන් වැඩි හරියක් ගත වෙන්නේ අනිත් අයට වගේ ඉලක්ක සපුරා ගන්න නෙවෙයි. මං වැඩිපුර කරන්නේ ‘අයියෝ අපරාදෙ මං එහෙම කළේ… අපරාදෙ මං එහෙම කිව්වේ… අපරාදෙ එහෙ නොගියේ… අපරාදෙ ගියේ…’ වගේ දේවල් හිත හිතා කරපු නොකරපු දේවල් ගැන පසුතැවිලි වෙන්න. උපන් හැටි ද මන්දා…
6.”අද දවස ගැන කල්පනා කරලා බැලුවාම මුළු පැය විසි හතරෙන් ම හොඳ ම වෙලාව තමයි මං වැඩ ඉවර වුණාම ගෙදර යන වෙලාව ගැන කල්පනා කරන අවස්ථාව. මොකද, එතකොට මට මතක් වෙනවා, ගිය ගමන් මං කරන පළවෙනි ම වැඩේ තමයි රස…ම රස කෑමක් හදාගෙන කන එක කියලා. හොද ම වෙලාව තමයි කන වෙලාව. හා, නැද්ද කියන්න?”
7.”මම නම් ආස ම නෑ නළු නිළියන්ගේ අලුත උපන් බබාලා ගැන කතා කරන්න. ඔය මාධ්‍යකාරයො අහනවා නේ ‘අරයගෙ බබා කොයි වගේ වෙයි ද?’, ‘මෙයාගෙ බබා කොහොම වෙයි ද?’ කිය කියා. බබා ඉතින් බබෙක් වගේ වෙයි. මූණ මැද නහයක් තියෙයි. නහයට උඩින් ඇස් දෙකක් තියෙයි. නහයට යටින් කටක් තියෙයි. වෙන කොහොම වෙන්න ද ඉතින්…”
8.”බලු මූණක්, මනුස්ස මූණක් කර ගන්න විදිහක් දන්නෙ නැද්ද? ඔය දැන් ඕන තරම් තියෙන්නෙ මූණු හදන ඇප්ලිකේශන්. හිනා වෙන්න එපා හරිද. මම මේ යාළුවෙක් වෙනුවෙන් අහන්නෙ. (බොරු නම් බලන්නකෝ, පහළින් එයා මට බැණලා උත්තරයක් දාලා ඇති.)”
9.”ඔන්න හිතන්නකෝ මං කට්ටියත් එක්ක දවස් දහයක නිවාඩුවක් ගත කරන්න යනවා කියලා. ටික දවසකින් එපා වෙනවා නෙ. ඔතනින් දවස් හතක් විතර ගියාම මට හිතෙන්නෙ ‘හයියෝ! මේ තරම් කම්මැළි වැකේශන් එකක් වෙනුවෙන් මං මොකට මෙච්චර යට ඇඳුම් හිර කරගෙන ඉන්නවාද?’ කියලා. ඕගොල්ලො ඉතින් අහන්න එපා ‘මං ඉතුරු දවස් තුන ඉන්නේ ඒවා අඳින්නෙ නැතුවද?’ කියලා.මං ‘ඔව්’ කියන්නෙ නෑ නෙ.”
10.”හායි, මං අද රෑ තනියම ගෙදර ඉන්නෙ. මං කැමතියි හොඳ හයිය මස්පිඬු තියෙන කොල්ලෙක් මේ රෑ මාව හම්බ වෙන්න එනවා නම්. (ඉක්මනට එන්නකො අප්පා. මට හොඳට ම බඩගිනියි. මේ ජෑම් බෝතලේ ඇර ගන්න බෑ නෙ!”
අත නොහැර කියවන තැන
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්‍රී නෝනා (PHOTO)
මම කවුද?