Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ හිතවතෙකු වෙනුවෙන් ලංකා බැංකුව රුපියල් ලක්ෂ 31 500 ක සිගරැට් මගඩියක – රාජ්‍ය බදු වංචාවකුත් හෙළිවෙයි

2021 අයවැය යෝජනා වලින් සිගරට් මිල ඉහල යන බැවින් ඊට පෙර සිගරට් තොග මෙරටට ගෙනවිත් ගබඩා කර තබා ගැනීම සදහා යයි පවසමින් ඩි.එස් ගුණසේකර සමාගමට රුපියල් ලක්ෂ 31 500 ක ණය මුදලක් නිකුත් කිරීමේ සිදු වීමක් පිළිබඳ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදු කළ අනාවරණයක් මේ දින වල විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

ලංකා බැංකුව අදාළ ලක්ෂ 31 500 ක ණය මුදල නිකුත් කර තිබෙන්නේ අදාල ණය මුදලින් ගෙන එනු ලබන සිගරට් තොගය ඇපයට තබා ගැනීමේ පොරොන්දුව මත වීමද විශේෂත්වයක්.

හම්බන්තොට කටුවන ලංකා බැංකු ශාඛාව හරහා අදාළ ණය මුදල නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ හරහා ලංකා දුම්කොළ සමගම හරහා දුම්වැටි අලවියෙන් රජයට ලැබෙන බදු අදායමද අහිමි කර ඇති බවට ද බරපතල චෝදනාවක් එල්ලවනවා.

මේ අයුරින් රජයට හිමිවිය යුතු බදු අදායම ද වංචා කොට , අයවැය යෝජනා කල්තියා දැනගනිමින් එයින්ද අයුතු වාසි ලබාගෙන, රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු රාජ්‍ය බැංකුවක් හරහා සිගරට් තොගයක් ඇපයට තබා රුපියල් ලක්ෂ 31 500 ක මුදලක් ණයට ලබා ගැනීමේ චෝදනාව එල්ලවන්නේ ඩී.එස් ගුණසේකර සමාගම වෙතයි,

ඒ සම්බන්ධයෙන් , වර්තමානයේ පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපති අදාල ඩී එස් ගුණසේකර සමාගමේද හිමිකරු වන මුදිත ගුණසේකර මහතාට සෘජු චෝදනාව එල්ලවනවා.

අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මුදිත ගුණසේකර මහතා වර්තමානයේ මැති ඇමතිවරුන් රාජ්‍ය නායකයින් ඉතා සමීපව ඇසුරු කරන ඔවුන්ට සිය නිවසේ නවාතැන් පවා ලබා දෙන පුද්ගලයෙකු බවයි.

දිසානායක මහතා චෝදනා කරන්නේ ආණ්ඩුවේ හිතවත් කම් මත සිදුව ඇති මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වහා පිළිතුරු ලබා දිය යුතු බවයි.

About The Author